Saturday, September 26, 2026
HomeNEWSධීවරයින්ට හා නාවිකයින්ට අනතුරු ඇඟවීමක්

ධීවරයින්ට හා නාවිකයින්ට අනතුරු ඇඟවීමක්

ගිණිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය විය හැකි බැවින් ඉදිරි දින කිහිපයේ දී දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මැයි මස 14 වන දින සිට අඩු පීඩන තත්ත්වය වර්ධනය වන අතර එම පද්ධතිය ක්‍රමයෙන් වයඹ දෙසට ගමන් කරමින් සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි. 

මේ හේතුවෙන් ඉදිරි දින කිහිපයේ දී කන්කසන්තුරය සිට මන්නාරම සහ කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මේ හේතුවෙන් ඉහළ ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාද කරයි.

දැනට එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට ද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22ක සම්මත වූ සැණින් කතානායකවරයාගේ සහතිකය

විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පතට ද කථානායකවරයා සිය සහතිකය සටහන් කරයි විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

විපක්ෂයේ මන්ත්‍රීවරුන් හැට හය දෙනාගෙන් තිදෙනෙක් ඡන්දෙට නැහැ

22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද(25) දින පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමට ලක් කරන ලද අවස්ථාවේදී විරුද්ධ පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 66 දෙනාගෙන් තිදෙනෙකු සභාගර්භය තුළ...

22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3ක බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත වේ.. පක්ෂව ඡන්ද 158යි, විරුද්ධව 63යි

22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3ක බහුතරයකින් පාර්ලිමේන්තුවේදී අද(25) සම්මත විය.විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 158ක් හිමි වූ අතර විරුද්ධව හිමිවූයේ ඡන්ද...

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත මගින් මර්ධනය කිරීමට සූදානම් වනවා-ජන අරගල සන්ධානය

ආණ්ඩුව විසින් ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කර ඇත. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ජන අරගල සන්ධානය ( 2026. 09. 24...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img