Saturday, September 26, 2026
HomeNEWSසුළු රෝගී තත්ත්වයකදී පවා ගර්භණී මව්වරුන් රෝහල්ගත විය යුතුයි - විශේෂඥ වෛද්‍යවරු

සුළු රෝගී තත්ත්වයකදී පවා ගර්භණී මව්වරුන් රෝහල්ගත විය යුතුයි – විශේෂඥ වෛද්‍යවරු

සුළු රෝගී තත්ත්වයක් ඇති වුවද ගර්භණී මව්වරුන් හැකි ඉක්මණින් ආසන්නයේම පිහිටි රෝහලට ඇතුළත් වන ලෙස ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් දැනුම්දෙයි.

එම වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ ගර්භණී මව්වරුන් දැඩි බලපෑමකට ලක්ව ඇති බවය.

අද (14) පෙරවරුවේ කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සරත් ලැනරෝල් මහතා මේ බව සඳහන් කළේය.

“ඉතාමත්ම සුුළු රෝගී තත්ත්වයක් පැවතුනත් ගර්භණී ඔබ හැකි ඉක්මණින්ම රෝහලකට ඇතුළු වෙන්න. එසේ නොමැතිව රෝගී තත්ත්වය බරපතළ වී රෝහල්ගත වෙන්න වුණොත් ඇතිවෙන සංකූලතාවයන් වැඩි වෙන්න පුළුවන්.”

සංචරණ සීමා පනවා තිබුණ ද කාසල් වීදියේ කාන්තා රෝහලේ සිදු කෙරෙන සියලුම සායනික කටයුතු එලෙසම ක්‍රියාත්මක වන බව එම රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය එල්.පී.සී. සමන් කුමාර මහතා සඳහන් කළේය.

“සංචරණ සීමා පැවතියත් මව්වරුන්ට සහ දරුවන්ට ඒ සායනික දිනයේදී පැමිණීමේ හැකියාව තියෙනවා.”  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22ක සම්මත වූ සැණින් කතානායකවරයාගේ සහතිකය

විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පතට ද කථානායකවරයා සිය සහතිකය සටහන් කරයි විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

විපක්ෂයේ මන්ත්‍රීවරුන් හැට හය දෙනාගෙන් තිදෙනෙක් ඡන්දෙට නැහැ

22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද(25) දින පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමට ලක් කරන ලද අවස්ථාවේදී විරුද්ධ පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 66 දෙනාගෙන් තිදෙනෙකු සභාගර්භය තුළ...

22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3ක බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත වේ.. පක්ෂව ඡන්ද 158යි, විරුද්ධව 63යි

22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3ක බහුතරයකින් පාර්ලිමේන්තුවේදී අද(25) සම්මත විය.විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 158ක් හිමි වූ අතර විරුද්ධව හිමිවූයේ ඡන්ද...

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත මගින් මර්ධනය කිරීමට සූදානම් වනවා-ජන අරගල සන්ධානය

ආණ්ඩුව විසින් ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කර ඇත. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ජන අරගල සන්ධානය ( 2026. 09. 24...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img