සංචරණ සීමා පනවා ඇති කාලසීමාව තුළ දී, ජනතාව ට මුහුණපෑමට සිදුවන ගැටලු නිරාකරණය කරගැනීම සඳහා දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථාන පිහිටුවා ඇත.
එම දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථාන අරලියගහ මන්දිරයේ පිහිටුවා ඇති ජනාධිපති කාර්යසාධන බළකායේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ කර තිබේ.
ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය අග්‍රාමාත්‍ය ලේකම්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බළකාය පවසයි.
අදාළ මධ්‍යස්ථාන වල දුරකථන අංක මෙසේය.























