කොවිඩ් ආසාදිත මරණ 36ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,051ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එම මරණ සංඛ්‍යාව දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද වේ.
ඒ අතුරින්, තල්ගස්වල ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි කාන්තාවක් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
ඊයේ වාර්තා වූ මරණ 36න් 19 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 17දෙනා පිරිමි පුද්ගලයින් වන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මියගිය පුද්ගලයින් අවුරුදු 27ත් 96 ත් අතර වයස්වල පසුවන්නන් බවට තහවුරු වී තිබේ.
ඔවුන් හොරණ, ඇඹිලිපිටිය, නාවලපිටිය, පුස්සැල්ලාව, මාතලේ, වෙන්නොරුව, පන්නල, රත්මලාන, රාජගිරිය, වත්තල, ගලපිටමඩ, තුල්හිරිය, අහංගම, ඌරපොළ, කට්ටුව, සෙවණගල, තැලිගම, ඇහැළියගොඩ, නිකදළුපොත, පේරාදෙණිය, බැල්ලපිටිය, බණ්ඩාරගම, ඉංගිරිය, ගුන්නෑපාන, ඉමදුව, ගිංතොට, තල්පේ, රත්ගම, තල්ගස්වල, ඇල්පිටිය, පයාගල, වස්කඩුව හා හේනගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන් ය.
මේ අතර හොරණ, මාතලේ සහ පේරාදණිය යන ප්‍රදේශවලින් මරණ දෙක බැගින් ඊයේ වාර්තා වු කොවිඩ් මරණ අතර වේ.


























