කළුතර දිස්ත්‍රික් රෝහලේ කොවිඩ් ප්‍රතිකාර වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පස්දෙනෙක් එහි පහසුකම් නොමැති බව පවසමින් නිවෙස් වෙත පිටව ගොස් ඇති බව වාර්තා වේ.
“අද දෙරණ“ වාර්තාකරු පැවසුවේ, ඔවුන් සිය ඥාතීන් සමඟ එලෙස පිටව ගොස් තිබේ.
එලෙස පිටව ගොස් ඇති බහුතරයක් කාන්තාවන් බවත් ඔවුන්ව නිත්‍යානූකූලව රෝහලෙන් පිටත් කර හැරීමක් සිදුව නොමැති බවත් දකුණු කළුතර පොලීසිය පවසයි.
මේ වන විට ඔවුන් සිය නිවෙස් තුළ ම සිටින බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.






















