Thursday, November 12, 2026
HomeNEWSකොවිඩ් රෝගීන් ප්‍රතිකාර සඳහා යොමුකරන ක්‍රමවේදයේ වෙනසක්

කොවිඩ් රෝගීන් ප්‍රතිකාර සඳහා යොමුකරන ක්‍රමවේදයේ වෙනසක්

කොවිඩ් රෝගීන් ප්‍රතිකාර සඳහා යොමුකරන ක්‍රමවේදයේ වෙනසක්

කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් කොවිඩ් ආසාදිතයින් ප්‍රතිකාර සඳහා යොමුකරන නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

“දෙරණ අරුණ“ සමඟ එක්වෙමින් යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියේ, ඊයේ (21) දින සිට දින තුනක කාලයක් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක බවත් එම ක්‍රමවේදය විශේලේෂණය කිරීමෙන් අනතුරුව කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක සඳහා හඳුන්වා දෙන බවත්ය.

රෝග ලක්ෂණ නොපෙන්නුව ද වයස අවුරුදු 60ට වැඩි කොවිඩ් ආසාදිතයින් අනිවාර්යයෙන් ම රෝහල්ගත කළ යුතු බව ද මෙහිදී යුද හමුදාපතිවරයා පැවසීය.

සුළු රෝගී තත්ත්වයක් පවතින ආසාදිතයින් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමුකරන බවත් පැවසු ඒ මහතා, ආසාදිත වුවත් තමා සිටින පරිසරය එම තත්ත්වයට සුදුසු නම් ඔවුන් ව පමණක් නිවසේ රැඳවීමට කටයුතු කරන බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු යුද හමුදාපතිවරයා,

“ගෙදර 6 -7ක් ඉන්නවා නම් ගෙදර අනෙක් අයටත් බෝවෙන්න පුළුවන්. ඒ ගැන කල්පනා කරලා එහෙම කට්ටිය සමහර වෙලාවට අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා යැවෙනවා. නිවසක ඉන්න පරිසරයක් තිබෙන අය නිවසේ තබා ගැනීමට බලාපොරොත්තු වෙනවා.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img