Thursday, November 12, 2026
HomeNEWSනිරිත දිග මෝසමෙන් බලපෑම් ඇති විය හැකි ප්‍රදේශ

නිරිත දිග මෝසමෙන් බලපෑම් ඇති විය හැකි ප්‍රදේශ

නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින අතර ඉන් බලපෑමට ලක්විය හැකි දිස්ත්‍රික්ක 12ක් පිළිබඳ ආපදා කළමනාකරණ ඒකකය අනතුරු අඟවයි.

ඒ අනුව කොළඹ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කුරුණෑගල සහ මධ්‍යම කඳුකර ප්‍රදේශයන්ට නිරිත දිග මෝසමේ බලපෑම එල්ල විය හැකි බව සඳහන්ය.

ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා “දෙරණ අරුණ“ සමඟ එක්වෙමින් සඳහන් කර සිටියේ, පසුගිය දිනවල ඇති වු වර්ෂාව සියලුම ගංගාවන් හි ජල මට්ටම සුළු ගංවතුර තත්ත්වයක් දක්වා ළඟා වී ඇති බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“ඒ අනුව ගංගා ද්‍රෝණිවල සිටින සියලුදෙනා වගකීමෙන් කටයුතු කළ යුතුයි.  විශේෂයෙන් ම කැලණි, ගිං, නිල්වලා ගඟ ආශ්‍රිතව හා විශේෂයෙන් ගාල්ල හා මාතරට බලපෑම් ඇති විය හැකියි.ඒ අය අනිවාර්යයෙන්ම සුදානමින් සිටිය යුතුයි. ඊට අමතරව නායයෑම් සම්බන්ධයෙන් කියනවා නම් නායයෑම් ප්‍රදේශවලට අවවාදාත්මක අවවාදය දීලා තියෙනවා. ඒ අනුව කටයුතු කරන්න අපි ඉවත් වෙන්න දැන්වුවහොත් අනිවාර්යෙන්ම ඒ අනුව කටයුතු කරන්න.“

මේ අතර උතුරු අන්දමන් ප්‍රදේශයේ හටගෙන ඇති කැලඹිලි ස්වභාවය හේතුවෙන් ඊයේ දිනය වන විට සුළි කුණාටුවක් නිර්මාණය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ හේතුවෙන් මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස හැකි ඉක්මනින් ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන්නැයි එම දෙපාර්තමේන්තුව දන්වා සිටී.

එමෙන්ම ඊයේ (22) සිට නැවත දැනුම් දෙනතුරු, ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශය තුළ දිවයින වටා මුහුදේ ධීවර සහ නාවික කටයුතු නොයෙදෙන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාද කරයි.

එම ප්‍රජාවන් ට මේ සම්බන්ධයෙන් නිකුත් කරන නිවේදන පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ද කාලගුණ අංශ දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img