Thursday, November 12, 2026
HomeNEWSගිනිගත් නෞකාව පිළිබඳව නෙදර්ලන්ත විශේෂඥයින් විමර්ශන අරඹයි

ගිනිගත් නෞකාව පිළිබඳව නෙදර්ලන්ත විශේෂඥයින් විමර්ශන අරඹයි

කොළඹ වරාය ආසන්නයේ නැංගුරම් ලා ඇති “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ හටගත් ගින්න පිළිබඳ නෙදර්ලන්ත විශේෂඥයින් විමර්ශන ආරම්භ කර තිබේ.

ඊයේ (22) රාත්‍රියේ දිවයිනට පැමිණි එම විශේෂඥ කණ්ඩායම මේ වන විට නෞකාව පිහිටි ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහදපුර මහත්මිය පැවසුවාය.

නෞකාවේ හට ගත් ගින්න හේතුවෙන් පාරිසරික හානියක් සිදුව ඇද්ද යන්න පිළිබඳ විමර්ශන සිදුකිරීම සඳහා අදාළ ස්ථානයෙන් ලබාගත් ජල සාම්පල ‍මේ වන විට රසායනාගාර වෙත යොමු කර ඇති බව ද සභාපතිවරිය සඳහන් කළාය.

රසායනික ද්‍රව්‍ය ගබඩා කර ඇති අදාළ නෞකාවේ  හටගත් ගින්න පාලනය කිරීම සඳහා නාවික හමුදාව, ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය තවදුරටත් මෙහෙයුම් සිදුකරන බව නාවික හමුදාව සඳහන් කළේය.

මේ අතර අදාළ නෞකාවේ හටගත් ගින්න මැඩපැවැත්විමේ මෙහෙයුම් සඳහා මෙරට ආයතන විසින් දරන පිරිවැය නෞකාව අයත් රක්ෂණ සමාගමෙන් අයකර ගැනිමට පියවර ගන්නා බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img