Thursday, November 12, 2026
HomeNEWSඅපදාවට ලක්විය හැකි ප්‍රදේශවල සිටින ජනතාවට දැනුම්දීමක්

අපදාවට ලක්විය හැකි ප්‍රදේශවල සිටින ජනතාවට දැනුම්දීමක්

නිරිත දිග මෝසම දිවයින තුළ සක්‍රීය වීමත් සමඟ ආපදාවට ලක්විය හැකි ප්‍රදේශ 12ක ජනතාව වෙනුවෙන් සහන මධ්‍යස්ථාන සුදානම් කර පවතී.

ආපදා කළමනාකරණ ඒකකයේ, අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පවසා සිටියේ, ඒ සඳහා වු මුදල් හා සහන ප්‍රතිපාදන ද මේ වන විට වෙනුකර ඇති බවය.

ඊට අමතරව කොවිඩ් සහ ඩෙංගු වසංගතය සමඟ ඇතිවෙන ආපදාවන්ට මුහුණ දීම සඳහා ද සෑම ප්‍රදේශයකම විශේෂිත වු ස්ථානයන් පිළියෙල කර ඇතැයි ද අධ්‍යක්ෂවරයා පැවසීය.

මේ අතර නිරෝධායනයට ලක්වන පුද්ගලයින් යම් ආපදා අවස්ථාවකට මුහුණ දෙන්නේ නම් වෛද්‍ය අංශය සමඟ එක්වී එම පුද්ගලයින් රඳවා තැබීමට නිරෝධායන අතරමැදි මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇතැයි ද ඒ මහතා කියාසිටියේය.

නේවාසිකව හා නිවසේ සිට නිරෝධායනය වන පුද්ගලයින් පැය 24කට පෙර අදාළ ස්ථානවලින් ඉවත් කර නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකරන බව ද පැවසු ඒ මහතා, 117 යන ක්ෂණික දුරකථන අංකය ඔස්සේ ඒ පිළිබඳ දැනුම්දිය හැකි බව ද පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ, 

“ධීවර හා නාවික කටයුතු සිදුකරන අය කරුණාකරලා ඉදිරි පැය 24 තුළවත් අවධානයෙන් සිටින්න. දිවයින වටා මුහුද ඉතාමත් රළුභාවයට පත්වෙන්න පුළුවන්. එකවර ඇති වෙන වැස්ස නිසා අපි අවවාද ලබාදෙන ප්‍රදේශවල සිටින ජනතාව ඉන් ඉවත් විය යුතුයි. නිරෝධායනයට ලක්ව සිටින අය අවසන් මොහොත වෙනතෙක් ඉන්න එපා. අපිව කලින් දැනුවත් කරන්න. එතකොට අපිට වෛද්‍ය අංශ සමඟ එක්ව ඔවුන් ඉවත් කරන්න පුළුවන්. ආපදා ප්‍රදේශවල සිටින ගැබිනි මව්වරුන් අවසාන මොහොත වෙන තෙක් ඉන්න එපා. පැය 24කට කලින්වත් ඉවත් වෙලා ළඟම රෝහලට යන්න. වැව්වල ඔරු පාරු පදින්න යන්න එපා. විනෝද වෙන්න යන්න එපා. ආපදා තියෙන්නේ සිරිනරඹන්න නෙමෙයි. කඳු බෑවුම්වල ඉන්න අයත් දැනුම්දුන් වහාම ඉවත් වෙන්න.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img