Monday, September 21, 2026
HomeNEWSබුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් විවෘතවෙයි

බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් විවෘතවෙයි

කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් අද (26) දින පස්වරුවේ විවෘත විය.

ගංඟාරාම විහාරස්ථානයට පැමිණි අග්‍රාමාත්‍යතුමා සහ ආර්යාව ආගමිකවතාවත්වල නිරතවීමෙන් අනතුරුව  පිරිවෙන් අධ්‍යාපනය ලබන සාමණේරවරු 100කට අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනට ද එක්වූහ.

මෙහිදී “සාමණේර රැකවරණ” ශිෂ්‍යත්ව ප්‍රදානය සංකේතවත් කරමින් අග්‍රාමාත්‍යතුමා සාමණේර හිමිනමකට ශිෂ්‍යත්වයක් ප්‍රදානය කළේය. අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද මෙම උතුම් කාර්යය හා එක්වූවාය.

ගංඟාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන්වහන්සේ මෙහිදී අනුශාසනාවක් පැවැත්වූහ. වෙසක් මංගල්‍යයේ අරුත් පැහැදිලි කළ උන්වහන්සේ කොවිඩ්-19 වසංගතයේ භයානකකම පෙන්වා දෙමින් මෙවර බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය සංවිධානය කළ ද ජනතාවට එය නැරඹීමට පැමිණිය නොහැකි බව දැනුම් දුන්හ.

ඉන් අනතුරුව අග්‍රාමාත්‍යතුමා ගංඟාරාම සීමා මාලකය අසලදී බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය නිල වශයෙන් විවෘත කළේය.

අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන සංඝනායක වල්පොල පියනන්ද නාහිමි, මාතර හම්බන්තොට දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, මාතර හිත්තැටිය රජමහ විහාරය සහ කොට්ටාව මාලපල්ල ශ්‍රී සුදර්ශනාරාම අධිපති සහ හිටපු බස්නාහිර පළාත් පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ රාජකීය පණ්ඩිත අග්‍රහැර කස්සප නාහිමි ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩමකළ වදාළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්.. පාසල් ළමුන් ඇතුළු 10 දෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර වාහන 08 කට ආසන්න සංඛ්‍යාවක් ගැටී සිදුවූ අනතුරකින් පාසල් ළමුන් 6 ක් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා...

සහනාධාරයක් ලබාදී තෙල්මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරැස්ස රැළියට එක්වෙමින් කියයි.

ලෝක වෙළඳප‍ළේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ මිල ඉහළ දැමිය යුතු වුවත් සහනාධාර ලබාදී මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරුස්ස රැළියට...

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...

ප්‍රදේශ කිහිපයකටම නාය යෑමේ අනතුරු ඇඟවීම්

මහනුවර - පස්බාගේ කෝරලය, කෑගල්ල - දෙහිඕවිට, අරනායක, දැරණියගල, මාවනැල්ල සහ යටියන්තොට, නුවරඑළිය - කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමුව සහ නෝර්වුඩ් ප්‍රා.ලේ. කොට්ඨාසවලට තුන්වන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img