Monday, September 21, 2026
HomeNEWSජනතාව වාහනවලින් ගමන් බිමන් යෑම තහනම් කිරීමට කිසිදු නීතියක් නැතැයි -වජිර

ජනතාව වාහනවලින් ගමන් බිමන් යෑම තහනම් කිරීමට කිසිදු නීතියක් නැතැයි -වජිර

සංචරණ සීමා පැනවීම හරහා ජනතාව වාහනවලින් ගමන් බිමන් යෑම තහනම් කිරීමට කිසිදු නීතියක් නැතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.වගන්ති අංක 14:1මගින් මෙරට ජනතාවගේ ගමන් බිමන් යෑමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම තහවුරු කර ඇතැයි ද වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.නීති පොතේ නැති නීතියක් යටතේ සංචරණ සීමා යැයි කියමින් ජනතාවගේ ගමන් බිමන් තහනම් කිරීම සමස්ත  පොලිසියම අමාරුවේ දැමීමට ගත් පියවරක් බවද එජාප සභාපතිවරයා කීය.සංචරණ සීමා තුළින් අවහිර කෙරෙන ගමන් බිමන් යෑමේ අයිතිය කිසියම් පුද්ගලයෙක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කොට අභියෝගයට ලක් කළහොත් පොලිසියට මෙි සම්බන්ධයෙන් ඉදිරියට ක්‍රියාත්මක වීම පවා බරපතළ ප්‍රශ්නයක් වනු ඇති බවද වජිර අබේවර්ධන මහතා පෙන්වා දුන්නේය.සංචරණ සීමා පැනවීම මගින් ජනතාවගේ අයිතිවාසිකම් කඩ කරනවා වෙනුවට ආණ්ඩුව මේ අවස්ථාවේදී කළ යුතු වන්නේ ලෝකයේ අනෙක් රටවල් මෙන්ම වසංගතයට මුහුණ දීම වෙනුවෙන් අලුත් නීති නීති සම්මත කිරීම යැයි ද වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන නිරෝධායන පනත 1950 තරම් පැරණි එකක් බවත් 1984 වසරේ දී එංගලන්තය සංශෝධනය කළ ඒ පනතේ විධිවිධාන වත්මන් තත්ත්වයට ප්‍රමාණවත් නොවන බවත් පැවසූ අබෙිවර්ධන මහතා බ්‍රිතාන්‍ය ඇතුළු ලෝකයේ බොහෝ රටවල්  වර්තමාන නිරෝධායන සම්බන්ධව අණපනත් සම්මත කර ඇතැයිද පැවසීය.ඊට අමතරව නිරෝධායන පනතේ නීතිරීති අනුව මුව ආවරණ දැමීමට පවා එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ නොහැකි යැයි ද එජාප සභාපතිවරයා සඳහන් කළේය.සංචරණ සීමා යටතේ දැනට ක්‍රියාත්මක කරන පියවර කොරෝනා  මර්දන බලකායේ තීරණ ලෙස දැනුම් දුනහොත් ඉහත කමිටුවේ ක්‍රියාකලාපයද අධිකරණයේදී අභියෝගයට ලක් කිරීමට පුරවැසියනට අයිතිය තිබෙන බවද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්.. පාසල් ළමුන් ඇතුළු 10 දෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර වාහන 08 කට ආසන්න සංඛ්‍යාවක් ගැටී සිදුවූ අනතුරකින් පාසල් ළමුන් 6 ක් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා...

සහනාධාරයක් ලබාදී තෙල්මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරැස්ස රැළියට එක්වෙමින් කියයි.

ලෝක වෙළඳප‍ළේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ මිල ඉහළ දැමිය යුතු වුවත් සහනාධාර ලබාදී මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරුස්ස රැළියට...

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...

ප්‍රදේශ කිහිපයකටම නාය යෑමේ අනතුරු ඇඟවීම්

මහනුවර - පස්බාගේ කෝරලය, කෑගල්ල - දෙහිඕවිට, අරනායක, දැරණියගල, මාවනැල්ල සහ යටියන්තොට, නුවරඑළිය - කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමුව සහ නෝර්වුඩ් ප්‍රා.ලේ. කොට්ඨාසවලට තුන්වන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img