Friday, September 25, 2026
HomeNEWSපැන ගිය ආසාදිත රැඳවියා භාරවෙයි

පැන ගිය ආසාදිත රැඳවියා භාරවෙයි

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය දක්වා රැගෙන යමින් සිටියදී බන්ධනාගාර බස් රථයෙන් පළා ගිය කොවිඩ් ආසාදිත සැකකරු බන්ධනාගාරයට භාර වී තිබේ.

ඒ අනුව ඔහු ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේය.

පසුගිය 26 වනදා රාත්‍රියේ රැඳවියන් පිරිසක් බූස්ස බන්ධනාගාරයේ සිට අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය බලා බන්ධනාගාර බස් රථයකින් රැගෙන යමින් තිබුණි.

එහිදී එක් රැඳවියෙකු වැලිගම ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයේ ජනේලයකින් පැන පළා ගියේය.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙන්ම පොලීසියද පරීක්ෂණ  ආරම්භ කළේය.

ඒ අතරවාරයේ අදාළ රැඳවියා විසින් සිදුකළ දැනුම්දීමකට අනුව බන්ධනාගාර නිලධාරීන් සහ පොලීසිය ගොස් ඔහුව රැගෙනවිත් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීමේ මෙහෙයුම මාලදිවයිනෙන් අරඹයි

අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්ගෙන් පූර්ණ සහාය! සමාජ මාධ්‍ය සටහනක් මුල් කරගනිමින් සවුදි අරාබියේදී මරණ දඬුවමට නියම වී සිටින අනෝජන් සිවරාසාගේ ජීවිතය...

එක්සත් ජාතීන්ගේ 81 වන මහා මණ්ඩල සැසියට ඇමති විජිත ඇමෙරිකාවට

එක්සත් ජාතීන්ගේ 81 වන මහා මණ්ඩල සැසිය සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයාගේ ඇමරිකානු සංචාරය එක්සත් ජාතීන්ගේ (UN) මහා මණ්ඩලය යනු ලෝකයේ රටවල් එකම බහුපාර්ශ්වික වේදිකාවකට...

22 වැනි සංශෝධනය සජබ රජයක් තුළ අහෝසි කරනවා – විපක්ෂ නායක සජිත්

අද සම්මත කරන 22 වැනි සංශෝධනය සජබ රජයක් තුළ අහෝසි කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය...

රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් ගැටලුවලට තිරසාර විසඳුම් ලබා දෙනවා-අගමැතිනිය

රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් ගැටලුවලට තිරසාර විසඳුම් ලබා දෙනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ප්‍රතිපත්තිය තිරසාර ලෙස කළමනාකරණය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img