අදත් කොළඹට ඇතුළු වෙන්න දිගු වාහන පෝලිමක්
සංචරණ සීමා ක්‍රියාත්මකවන අද (03) දිනයේද කොළඹ නගරයට ඇතුළුවීම සඳහා රථ වාහනවලින් විශාල වශයෙන් පිරිස් පැමිණෙමින් සිටින බව වාර්තා වේ.
අප වාර්තාකරු පැවසුවේ අද උදෑසන පෑලියගොඩ ප්‍රදේශයේ දිගු රථ වාහන පෝලිම් දක්නට ලැබුණු බවය.
මීගමුව – කොළඹ මාර්ගයේ පෑලියගොඩ දෙසට ඇති මංතීරුවේ ගුවනින් ලබාගත් දර්ශනවල ඒ බව දක්නට ලැබුණි.
වත්තල ප්‍රදේශයේ සිට පෑලියගොඩ දක්වා ද එලෙස දිගු රථ වාහන පෝලිම් දක්නට ලැබුණි.
පාර්ලිමේන්තු මාර්ගයේද අද දැඩි රථ වාහන තදබදයක් ඇතිවී තිබුණි.
පසුගිය දින කිහිපයේම අත්‍යවශ්‍ය සේවා සඳහා ලබාදී ඇති අවසරය අවභාවිත කරමින් බෝහෝ පිරිසක් කොළඹට ඇතුළුවීම මෙලෙස මාර්ග තදබදයක් ඇතිවීමට හේතු වූ බව පොලීසිය පවසයි.






















