Thursday, November 12, 2026
HomeNEWSපානදුර දී පුද්ගලයෙකු මියයෑම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

පානදුර දී පුද්ගලයෙකු මියයෑම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ධාවනය වෙමින් තිබූ ජීප් රථයෙන් බිමට පැන ඊයේ (06) මරණයට පත්වූ පුද්ගලයාගේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ රථයේ ගමන් කළ උප පොලිස් පරීක්ෂකවරයාගේ සහ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශන, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ සැකකරුවෙකුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවට නිරීක්ෂණය වූ බැවින් එම ක්‍රියාමාර්ග ගෙන ඇති බවය. 

උප පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් සැරයන්වරයා පවසා ඇත්තේ අදාළ සැකකරු ජීප් රථයේ පිටුපස දොර විවෘත කරගෙන ධාවනය වූ ජීප් රථයෙන් බිමට පැනීම නිසා තුවාල සිදුවූ බවය.

පසුව පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අදාළ පුද්ගලයාට අධිකරණය විසින් ඇප ලබාදීමද සිදුකර තිබුණි.

එසේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා ඊයේ සවස 6.30ට පමණ මියගොස් තිබේ.

පානදුර උතුර පොලිස් ස්ථානයේ ජංගම රථයේ ගමන් කළ නිලධාරීන් ඊයේ (06) උදෑසන 9ට පමණ වත්තපොළ ප්‍රදේශයේදී සංචරණ සීමා උල්ලංඝනය කිරිමේ වරදට ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශන ක්‍රියාත්මකය.

මියගොස් ඇත්තේ 42 හැවිරිදි අයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...

අධික වැසි සමඟ කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අධික වැසි සමඟ කොළඹ, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ඛෙත්තාරාම අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා, රථවාහන තදබදයක්. ආමර් බාබර්, නවම් මාවත, බොරැල්ල අවට මාර්ග කිහිපයකත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img