Friday, November 13, 2026
HomeNEWSඉන්දියානු ප‍්‍රභේදයේ ආසාදිතයකු එළියට ගියොත් 6 දෙනෙකුට බෝවෙනවා.... එංගලන්ත පර්යේෂකයෝ හෙළි කරති.

ඉන්දියානු ප‍්‍රභේදයේ ආසාදිතයකු එළියට ගියොත් 6 දෙනෙකුට බෝවෙනවා…. එංගලන්ත පර්යේෂකයෝ හෙළි කරති.

දැනට ලොව වේගයෙන්ම පැතිර යන මාරාන්තික කොරෝනා වෛරස් ප‍්‍රභේදය ලෙස සැලකෙන ඉන්දියානු ‘ඩෙල්ටා’ ප‍්‍රභේදය ආසාදනය වූ අයකු එළිමහනට ගිය විට එකවර පහසුවෙන් තවත් 06දෙනකුට පමණ වෛරසය පැතිරවීමේ හැකියාව පවතින බව එංගලන්ත වෛද්‍ය පර්යේෂකයන් විසින් අනාවරණය කරගෙන තිබේ.
 
 තරුණ අයකුට මෙම වෛරස් ප‍්‍රභේදය ආසාදනය වූ විට එය නරක් වූ සෙම්ප‍්‍රතිශ්‍යාවක් සේ දිස් වන අතර වෛරසයේ රෝග ලක්ෂණ පිළිබඳව බලධාරීන් විසින් ජනතාව නිවැරදි ලෙස දැනුවත් නොකළහොත් ඔවුන් එය නොසලකා හැරීමට ඉඩ ඇති බව එංගලන්ත මහාචාරය ටීම් ස්පෙක්ටර් පවසයි.
 
 මේ වන විට ‘ඩෙල්ටා’ ප‍්‍රභේදය ඉන්දියාවේ පැතිර ගොස් ඇති එම වෛරස් ප‍්‍රභේදයට වඩා හාත්පසින්ම වෙනස් ලෙස හැසිරෙන්නට පටන් ගෙන තිබෙන බව පෙන්වා දෙන මහාචාර්ය ස්පෙක්ටර් හඳුන්වා දී ඇති උපාංගයක් හරහා ‘ඩෙල්ටා’ වෛරස් ප‍්‍රභේදය පිළිබඳව ලොව පුරා මිලියන 4කට අධික පිරිසකගෙන් රැුස් කරගත් තොරතුරුවලින් මේ බව අනාවරණය වූ බව සඳහන් කර සිටියි.
 
 මෙතෙක් එම ප‍්‍රභේදයේ දක්නට ලැබුණු ප‍්‍රධානතම රෝග ලක්ෂණයන් වූ උණ, වියළි කැස්ස හා ගඳ /සුවඳ /රස නොදැනීම මේ වන විට ප‍්‍රභේදය ආසාදනය වූ අයකු තුළ අඩුවෙන්ම දක්නට ලැබෙන රෝග ලක්ෂණ බවට පත්ව ඇති බවද ඔහු විසින් අවධාරණය කර තිබේ. මේ වන විට ‘ඩෙල්ටා’ ප‍්‍රභේදයේ දක්නට ලැබෙන ප‍්‍රධානතම රෝග ලක්ෂණ ලෙස හඳුනා ගෙන ඇත්තේ හිසරදය, උගුර රිදීම හා නාසයෙන් සොටු දියර ගැලීම වන අතර, මේවා අතරින් ප‍්‍රධානතම රෝග ලක්ෂණය වී ඇත්තේ හිසරදය බව හෙතෙම සඳහන් කර තිබේ.
 
 සියලූ දේ එපා වූ ආකාරයක් දිස්වීමේ තත්ත්වයක් ද මෙම වෛරස් ප‍්‍රභේදය ආසාදනය වූ අය අතර දක්නට ලැබෙන බවත් මෙම රෝග ලක්ෂණ සුළු වශයෙන් හෝ යමකු තුළ දක්නට ලැබුණහොත් වහාම කොරෝනා පරීක්ෂණයක් සිදු කර ගැනීමට එම තැනැත්තා පියවර ගත යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.fShare

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද? දිනන දකුණ ප්‍රශ්න කරයි

රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද? මෙවර රජය රටට ඉදිරිපත් කළ අයවැයට පදනම් වූ ප්‍රතිපත්තිය දෙස බැලීමේදී නැවත නැවතත් තහවුරු වන්නේ,...

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ – විපක්ෂ නායක සජිත්

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අයවැය තුළින් රටේ ලක්ෂ 220ක් ජනතාව මුහුණ දෙන බරපතළම...

අනෝජන් සිවරාසාගේ පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති

අනෝජන් සිවරාසා මහතා සියලු චෝදනාවලින් නිදහස් කර ගැනීමට මැදිහත් වීම පිළිබඳව පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි අනෝජන්...

අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්

2027 අයවැය: පෙළපොත්, ශබ්දකෝෂ, විශ්වකෝෂ, ළමයින් සඳහා වන චිත්‍ර හා වර්ණ ගැන්වීමේ පොත්, අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img