මැණික් හා ස්වාර්ණාභරණ අපනයනකරුවන් අපනයනයේ දී මුහුණ දෙන ගැටලු විසඳීමට රජය අවධානය යොමු කරන බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (21) දින ප්‍රකාශ කළේය.
මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවන් මුහුණ පා ඇති ගැටලු පිළිබඳව අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.
මෙරට අපනයන විනිමය වර්ධනය කිරීම සඳහා සංචාරක ක්ෂේත්‍රය මෙන්ම මැණික් හා ස්වර්ණාභරණ අංශය ද සැළකිය යුතු දායකත්වයක් ලබා දිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී පෙන්වා දුන්නේය.
මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවන් සඳහා සියලු පහසුකම් මේ වන විටත් ලබා දී ඇති බවත් අපනයනකරුවන්ගේ ඉල්ලීම මත සංචාරක අලෙවිය මත පදනම් වූ ආදායම් බදු ශ්‍රී ලංකාව තුළ විදේශීය මුදල් භාවිතයේ දී නිදහස් කිරීම කෙරෙහි අවධානය යොමුකර ඇති බවත් අග්‍රාමාත්‍යතුමා පැවසීය.
මෙරට මැණික් සහ ස්වර්ණාභරණ කේෂ්ත්‍රය ලොව පුරා වඩාත් ප්‍රචලිත කිරීම කෙරෙහි කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙහි දී අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු විය.
එවකට ජනාධිපතිවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මැණික් හා ස්වර්ණාභරණ අපනයනය සඳහා 2015 දක්වා ලබා දුන් සහන පසුගිය රජය විසින් අහෝසි කළ බවත් අපනයනය කෙරෙහි සෘජුව බලපාන මෙම සහන යළි ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවෝ මෙහි දී පැවසූහ.
අය-වැය මඟින් දැනටමත් අපනයනකරුවන් සඳහා සහන ලබා දී ඇති බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමා, එම සහන ප්‍රයෝගිකව ක්‍රියාත්මක වන්නේදැයි අවධානය යොමු කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ලොහාන් රත්වත්තේ, අජිත් නිවාඩ් කබ්රාල්, පාර්ලිමේන්තු මන්ත්‍රී මර්ජාන් ෆලීල්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රියංග නානායක්කාර, මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්.ඩී ලක්ෂ්මන්, නියෝජ්‍ය මහ බැංකු අධිපති ධම්මික නානායක්කාර, විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය ඉනෝකා වික්‍රමසිංහ, බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ එච්.ඩී අජිත්, අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය බී.එච්.පී.කේ තිලකවීර, මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන ආචාර්ය එම්.කේ. සී සේනානායක, කේ.ඒ විමලෙන්තිරජා මහත්ම මහත්මීහු සහ මැණික් අපනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයෝ පිරිසක් සහභාගී වූහ.






















