Friday, November 13, 2026
HomeNEWSබරපතළ ගැටලු 6කට විසඳුම් ජනාධිපති තුමාගේ ප්‍රකාශයෙන් අපි බලාපොරොත්තු වෙනවා-විපක්ෂ නායක සජිත්...

බරපතළ ගැටලු 6කට විසඳුම් ජනාධිපති තුමාගේ ප්‍රකාශයෙන් අපි බලාපොරොත්තු වෙනවා-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(25)කළ විශේෂ ප්‍රකාශය.!
සියලු දෙනාටම සුභ දවසක් !
අපට දැනගන්නට ලැබී තිබෙනව අද දවසේ ගරු ජනාධිපතිතුමා ජාතිය අමතා කතා කරන බවට. විශේෂයෙන්ම මේ රටේ සමස්ත ජනයා මුහුණ දෙන බරපතළ ගැටලු 6කට විසඳුම් ජනාධිපති තුමාගේ ප්‍රකාශයෙන් අපි බලාපොරොත්තු වෙනවා. පළමුවෙන්ම තෙල් මිල ඉහළ යෑම තුළ මේ රටේ ජන සමාජයේ සමස්තයක් හැටියට සියලුම දෙනා අන්ත අසරණ භාවයට පත්වෙලා තිබෙනවා. ජන සමාජයේ පහළම තලයේ සිටි ඉහළම තලය දක්වා තෙල් මිල ඉහළ යෑම තුළ පීඩනයට ,අසහනයට,අසරණභාවයට පත්වෙලා සිටිනවා. අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපති තුමාගේ ප්‍රකාශයෙන් නැවතත් වරක් තිබුණු මිලටම තෙල් මිල පහළ දමන්නට කටයුතු කරයි කියන කාරණාව. ඒ වගේම මුළු රටම දන්නා කාරණාවක් පොහොර භාවිතය වෙනස් කිරීම තුළ ,ක්ෂණිකව කාබනික පොහොර භාවිතයට ප්‍රවේශ වීම තුළ අද අපේ රටේ ගොවි ජනතාව ඉමහත් අසරණ භාවයකට පත් වෙලා සිටිනවා. තනි තීන්දුවක් හැටියට ක්ෂණිකව ගත්තු මේ අදහස තුළ අපේ රටේ ගොවියා අනාත වෙලා තිබෙනවා. පොහොර නොමැතිව අද සමස්තයක් හැටියට සියලුම වගාවන් කරන ගොවීන් අසරණ වෙලා. අපි බලාපොරොත්තු වෙනවා අද ජනාධිපති තුමාගේ ප්‍රකාශයෙන් මේ පොහොර භාවිතය,මේ වෙනස් කිරීම සැලසුම් සහගතව ,ක්‍රමිකව , යම්කිසි ස්ථිර වැඩපිළිවෙළක් තුළ ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරලා මේ කන්නෙත් ඉදිරි කන්නවලත් පොහොර හිඟයකින් තොරව මේ රටේ ජනතාවට නොමිලේ පොහොර ලබා දෙන්නට එතුමා අද දවසේ ප්‍රතිඥාවක් ලබා දෙයි කියන එක. ඒ වගේම express purl නෞකාවේ විනාශය තුළ අපේ රටේ සමස්තයක් හැටියට ධීවර ජනතාව අසරණ භාවයට පත්වෙලා සිටිනවා. කවුරුත් නොසිතූ ආකාරයේ විශාල පරිසර හානියක් සිද්ධ වෙලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපති තුමාගේ ප්‍රකාශය තුළ සොච්චමක සහනාධාරයකට මේ රටේ ධීවර ජනතාව තක්සේරු කරන්නේ නැතුව ඔවුන්ට මේ සිදු වුණු හානිය තුළ රජයේ මැදිහත්වීමෙන් ස්ථිරසාර සහනාධාර වැඩසටහනක් ලබා දෙයි කියලා. ඒ වගේම විනාශ වුණු පරිසර පද්ධතිය නැවතත් වරක් සංරක්ෂණය කරන්නට ,ආරක්ෂා කරන්නට තිරසර වැඩසටහනක් අද රටේ ජනතාවට ඉදිරිපත් කරයි කියන අපේක්ෂාව අපි තුළත් සමස්ත රටේ ජනතාව තුළත් මේ අවස්ථාවේ තිබෙනවා. ඒ වගේම මාර්ගගත අධ්‍යාපනය online education අද පාසල් යන සිසු දූ දරුවන්ට ඒ වගේම ගුරුභවතුන්ට බරපතළ ගැටලුවක් වෙලා තිබෙනවා. සමහර අපේ දූ දරුවන් කඳු සොයා ගෙන යනවා අත්‍යවශ්‍ය සිග්නල් නොමැතිකම තුළ. සංඥා නොමැතිකම තුළ. බොහෝ දූ දරුවන්ට ඒ අවශ්‍ය උපකරණ නෑ. ටැබ් යන්ත්‍ර නෑ. පරිගණක යන්ත්‍ර නෑ. ඒ වගේම smartphones නෑ. මේ ප්‍රශ්නයට වහාම රජය අවධානය යොමු කරලා අනවශ්‍ය වියදම් වලට මුදල් වෙන් කරන්නේ නැතුව මේ රටේ මාර්ගගත අධ්‍යාපන ප්‍රශ්ණයට ඉතාමත්ම ඉක්මනින් ,(දැනටමත් ප්‍රමාදයි ) නමුත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තුළ ඉක්මන් විසඳුම් ලබා දෙයි කියන එක අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පස්වනුව කොරෝනා ප්‍රශ්නයට රාජ්‍ය මැදිහත්වීම මුළු රටම දන්නවා ඉතාමත්ම දුර්වල ආකාරයෙන් සිදු වුණේ. විශේෂයෙන්ම එන්නත් කරනයේදී astrazeneca දෙවැනි එන්නත නොමැතිව අද ලක්ෂ හයක් අනාත වෙලා සිටිනවා. ඒ වගේම රජය ප්‍රකාශ කරපු ඉලක්කය ,ලක්ෂ එකසිය හැටකට එන්නත් ලබා දෙනවයි කියන වැඩසටහන බොහොම මන්දගාමීව ක්‍රියාත්මක වෙන්නේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඒ නිලධාරීන්ට,ඒ වගේම අනිකුත් ක්ෂේත්‍ර වල රාජ්‍ය නිලධාරීන්ට ඒ ලබා දෙන personal protective equipments , ආරක්ෂා සහිත ඒ ආවරණ හා මෙවලම්. ඒ වගේම විශේෂයෙන්ම එ අයට අවශ්‍ය උපකරණ වල බරපතළ හිඟයක් තිබෙනවා. රෝහල් පද්ධතියේ ජීවිතාරක්ෂක උපකරණ වල බරපතළ හිඟයක් තිබෙනවා. අපි දකිනවා එන්න එන්නම රට තුළ ක්‍රියාත්මක වන PCR පරීක්ෂණ ප්‍රමාණය අඩු වෙමින් පවතිනවා. එය එසේ සිදුවිය යුතු නැහැ. ඇත්ත වශයෙන්ම මේ තුන්වෙනි රැල්ල තුළ අඩුම ගානේ ඒ පාඩම වත් අපි ඉගෙන ගන්නට ඕන. PCR පරීක්ෂණ ප්‍රමාණය ඉහළ මට්ටමක පවත්වාගෙන යන්නට අපි කටයුතු කරන්නට ඕන.
ඒ ප්‍රශ්නයටත් විසඳුමක් අපි ජනාධිපතිතුමාගේ ප්‍රකාශයෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සමස්ත අපේ රටේ ජනතාව අද ආර්ථික වශයෙන් බොහොම පහළ මට්ටමකට වැටිලා තිබෙනවා. කොරොනාව නිසාම ජීවන උපායන් අහිමි වෙලා තිබෙනවා. තමන්ගේ ජීවන මට්ටම පහළ වැටිලා තිබෙනවා. මව්වරුන්ගේ දූදරුවන්ගේ මන්දපෝෂණය වර්ධනය වෙලා තිබෙනවා. දෛනික වේතන ලබන, කුලී රැකියා කරන ,ඒ වගේම ස්ථිර රැකියා කරන ,ඒ වගේම ස්වයං රැකියා කරන සමස්ත රටේ විශේෂයෙන්ම ආදායම් මාර්ග උපයන ජනතාව ඒ අයගේ ජනජීවිත සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. මේ ප්‍රශ්නය තුළ අපි කිසිම කෙනෙකුට පන්දාහක සොච්චමක් ලබාදීලා සෑහීමකට පත්වන්නට බෑ. ඒ නිසා මේ කඩා වැටුණු ජීවිත ගොඩ නගන්නට මේ රජය විශේෂයෙන්ම ජනාධිපතිවරයා ගේ ප්‍රකාශය තුළින් ජනතාවට සහනයක් වන මූල්‍ය ශක්තියක් ලබා දෙන්නට කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. එනිසා මේ අවස්ථාවේ ප්‍රධාන වශයෙන් මේ කරුණු හයට ස…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද? දිනන දකුණ ප්‍රශ්න කරයි

රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද? මෙවර රජය රටට ඉදිරිපත් කළ අයවැයට පදනම් වූ ප්‍රතිපත්තිය දෙස බැලීමේදී නැවත නැවතත් තහවුරු වන්නේ,...

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ – විපක්ෂ නායක සජිත්

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අයවැය තුළින් රටේ ලක්ෂ 220ක් ජනතාව මුහුණ දෙන බරපතළම...

අනෝජන් සිවරාසාගේ පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති

අනෝජන් සිවරාසා මහතා සියලු චෝදනාවලින් නිදහස් කර ගැනීමට මැදිහත් වීම පිළිබඳව පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි අනෝජන්...

අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්

2027 අයවැය: පෙළපොත්, ශබ්දකෝෂ, විශ්වකෝෂ, ළමයින් සඳහා වන චිත්‍ර හා වර්ණ ගැන්වීමේ පොත්, අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img