කොළඹ,රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් අද පෙ.ව. 6 සිට හුදකලා කෙරේ.කොළඹ දිස්ත්‍රික්කයේ තලංගම පොලිස්බල ප්‍රදේශයට අයත් තලාහේන දකුණ ග්‍රාම නිලධාරි වසමේ විජය මාවත, ජයගත් මාවත, සහ
තලාහේන උතුර ග්‍රාම නිලධාරි වසමේ ජයගත් මාවත, සත්සර මාවත, ඉසුරු මාවත, සමනල මාවත සහ තැපැල් පෙට්ටිය හන්දිය යන ප්‍රදේශ හුදකලා කෙරේ
රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර පොලිස් බල ප්‍රදේශයට අයත් කහන්ගම කොස්ගල වත්ත සහ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් බෝපැත්ත වසම අද උදෑසන 6.00 සිට හුදකලා කෙරේ
නුවරඑළිය දිස්ත්‍රික්කයේ නාවලපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් කැටබුලාව මධ්‍ය කොටස ග්‍රාම නිලධාරී කොට්ඨාසය අද උදෑසන 6.00 සිට හුදකලා කෙරේ – යුද හමුදාපත.






















