Wednesday, November 11, 2026
HomeNEWSයුරෝපා සංගමයට අයත් රටවලට යැවෙන තැපැල් භාණ්ඩ සඳහා අද සිට නව බදු

යුරෝපා සංගමයට අයත් රටවලට යැවෙන තැපැල් භාණ්ඩ සඳහා අද සිට නව බදු

යුරෝපා සංගමයට අයත් රටවල් වෙත යැවෙන තැපැල් භාණ්ඩ සම්බන්ධ සංශෝධිත බදු ප්‍රතිපත්තිය අද (01) සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව යුරෝපා සංගමයට අයත් රටවල් 26 සඳහා යොමු කරන ලිපි හැර සියලු තැපැල් භාණ්ඩ සඳහා නව බදු ප්‍රතිපත්ති අදාළ වන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කළේය.

යුරෝපා සංගමය විසින් දැනුම් දී ඇති පරිදි තැපැල් පාරිභෝගිකයන්, අන්තර්ජාලය මඟින් අලෙවි කටයුතුවල නිරතවන්නන් සහ අන්තර්ජාල අලෙවිසැල් විසින් යුරෝපා සංගමයට අයත් රටවල් වෙත යොමු කරන තැපැල් භාණ්ඩ සඳහා එම බදු ප්‍රතිපත්තීන් අදාළ වේ.

ඒ අනුව යූරෝ 150ට අඩු  වටිනාකමකින් යුත් සියලුම තැපැල් භාණ්ඩ සඳහා යවන්නා විසින් යුරෝපා සංගමයට අයත් අදාළ රට වෙත සෘජුවම වැට් බදු ගෙවිය යුතු බව තැපැල්පතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

එමෙන්ම යූරෝ 150ට වැඩි වටිනාකමකින් යුත් භාණ්ඩ සඳහා අදාළ රටේ බදු ප්‍රතිපත්තියට අමතරව අනෙකුත් තීරු බදු ප්‍රතිපත්තීන්ට ද යටත් වන බැවින් තැපැල් භාණ්ඩ සඳහා වූ සියලුම බදු ගමනාන්තයේදී භාණ්ඩය ලබාගන්නා පුද්ගලයාගෙන් අය කර ගැනීමට නියමිතය.

කෙසේවෙතත් වැට් බදු මුදල් සහ මෙහෙයුම් ගාස්තු ගෙවා භාණ්ඩය භාර ගැනීමට ක්‍රියා නොකළහොත් අදාළ රටේ තැපැල් පරිපාලනය හෝ රේගුව එම භාණ්ඩ සම්බන්ධව ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ගයන් පිළිබඳ පාරිභෝගිකයින්ට වගකීමක් දැරීමට සිදුවේ.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව එම බදු හෝ අනෙකුත් බදු ගෙවීම් පිළිබඳ කිසිදු අයුරකින් වගකීමක් නොදරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා මහජනතාවට දැනුම්දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...

අධික වැසි සමඟ කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අධික වැසි සමඟ කොළඹ, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ඛෙත්තාරාම අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා, රථවාහන තදබදයක්. ආමර් බාබර්, නවම් මාවත, බොරැල්ල අවට මාර්ග කිහිපයකත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img