Wednesday, November 11, 2026
HomeNEWSඉන්දියාවේ සිට පැමිණ නිරෝධායනය වන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සුගතදාස හෝටලයේ මත්පැන්...

ඉන්දියාවේ සිට පැමිණ නිරෝධායනය වන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සුගතදාස හෝටලයේ මත්පැන් සාදයක.

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට අනුබද්ධ සුගතදාස හෝටලයේ නිරෝධායනයට ලක් වී සිටි ඉන්දියාවේ පකියලා නුවර පැවති අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් (03) වැනිදා රාත්‍රියේ නිරෝධායන නීති උල්ලංඝණය කරමින් මත්පැන් සාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් සුගතදාස ක්‍රීඩාංගණයේ පාලනාධිකාරිය විසින් ඊයේ (04) දින ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට පැමිණිලි කර ඇති බව වාර්තා වේ.

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිරෝධායන නීති රීති උල්ලංඝනය කරමින් මත්පැන් සාදය පවත්වන විට ඔවුන් භාරව සිටි නිලධාරීන් ද ඊට කිසිදු විරෝධයක් නොදක්වා නිසොල්මනේ හිටි බවට ද ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයාට ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනෙකු සහ නිලධාරීන් දෙදෙනෙකුගෙන් සමන්විත මෙම මලල ක්‍රීඩා කණ්ඩායමට පාසල් යන වයසේ පසුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිටින බවටද එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඉන්දියාවේ පකියලා නුවර පැවති අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ මෙම මලල ක්‍රීඩා කණ්ඩායම පසුගිය 02 වැනිදා අලුයම 2.00 ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් මෙරටට පැමිණ ඇත.

නිරෝධායනය කිරීම සඳහා සුගතදාස හෝටලයට තමන්ව රැගෙන යනු ඇතැයි එම මලල ක්‍රීඩා කණ්ඩායම බලාපොරොත්තු වුව ද නිරෝධායනය කිරීම සඳහා ඔවුන්ව රැගෙන ගොස් තිබෙන්නේ මාතර නිල්වලා විද්‍යා පීඨයෙහි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයටයි.

තමන්ව සුගතදාස හෝටලයේ නිරෝධායනයට ලක් නොකොට මාතර නිල්වලා විද්‍යා පීඨයෙහි නිරෝධායනයට ගෙන යාම සම්බන්ධයෙන් මෙම මලල ක්‍රීඩා කණ්ඩායම තම නොසතුට පළකර ඇති අතර ඒ ගැන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයට ද පැමිණිලි කර තිබේ.

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් මෙම මලල ක්‍රීඩා කණ්ඩායම ඉතා කඩිනමින් සුගතදාස හෝටලයේ නිරෝධායනය වීමට කටයුතු කර තිබේ.

එසේ සුගතදාස හෝටලයේ නිරෝධායනයට ලක් වෙමින් පවතින විට (03) වැනිදා රාත්‍රියේ මෙම පිරිස මත්පැන් සාදයක් පැවැත් වූ බව මෙම පැමිණිල්ලෙහි සඳහන් වී තිබේ.

ක්‍රිකට් ක්‍රීඩකයින් මීගමුවේ සුපිරි හෝටල්වල නිරෝධායනය වන විට තමන්ට කුඩම්මාගේ සැළකිළි ලැබුණ බව ප්‍රකාශ කළ මෙම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නිරෝධායන නීති රීති මෙසේ උල්ලංඝනය කරමින් මත්පැන් සාද පවත්වන්නේ කෙසේද? යන ප්‍රශ්නය මතු වී ඇත.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...

අධික වැසි සමඟ කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අධික වැසි සමඟ කොළඹ, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ඛෙත්තාරාම අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා, රථවාහන තදබදයක්. ආමර් බාබර්, නවම් මාවත, බොරැල්ල අවට මාර්ග කිහිපයකත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img