Wednesday, November 11, 2026
HomeNEWSබදියුදීන්ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් අද අධිකරණයට

බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් අද අධිකරණයට

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහාතාගේ නිවසේ රැඳී සිටි 16 හැවිරිදි දැරිය පිළිස්සී මියයෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයාගේ බිරිඳ ඇතුළු සැකකරුවන් අද (26) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් ‍රෝහණ මහතා සඳහන් කළේ සැකකරුවන් අද පෙරවරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ, බිරිඳගේ පියා සහ අදාළ දැරිය නිවසට රැගෙන ආ පුද්ගලයා මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.

පළපුරුදු හා විශේෂඥ දැනුම ඇති ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන්, කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය සහ බොරැල්ල පොලීසිය එක්ව කණ්ඩායම් කිහිපයක් යොදවා මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මේ අතර මෙම විමර්ශනවලදී අනාවරණය වූ තවත් සිද්ධියක් සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගේ සහෝදරයෙකු අත්අඩංගුවට ගැනුණු අතර ඔහුව ද අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ බදියුදීන් මහතාගේ නිවසේ මීට පෙර මෙහෙකාර සේවයේ යෙදී සිටි, දැනට 22 හැවිරිදි වියේ පසුවන තැනැත්තියක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...

අධික වැසි සමඟ කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අධික වැසි සමඟ කොළඹ, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ඛෙත්තාරාම අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා, රථවාහන තදබදයක්. ආමර් බාබර්, නවම් මාවත, බොරැල්ල අවට මාර්ග කිහිපයකත්...

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනමද? විපක්ෂ නායක සජිත්

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනිමද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන රජය තුළින් රටේ ලක්ෂ 220 ජනතාවට සිදුවන හානිය, ජීවත්...

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img