Friday, November 13, 2026
HomeNEWSමුදල් සංශෝධන පනත් කෙටුම්පත ගැන පෙත්සම් විභාගය අවසන්

මුදල් සංශෝධන පනත් කෙටුම්පත ගැන පෙත්සම් විභාගය අවසන්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මුදල් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීන්දුව පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළේය.

ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එම පෙත්සම් විභාගය දෙදිනක් පුරා පැවැත්විය.

අද (29) පෙත්සම් විභාගය කැඳවූ අවස්ථාවේ දී යෝජිත පනත් කෙටුම්පතට අදාළව සිදුකිරීමට යෝජිත සංශෝධන අන්තර්ගත ලේඛනයක් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ නිර්මලන් විග්නේෂ්වරන් මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.

ඉන් අනතුරුව අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ නීතිඥවරයා යෝජිත පනත් කෙටුම්පත සම්මත වීම තුළින් මුදල් විශුද්ධිකරණයට අවකාශ සැලසෙන බවට පෙත්සම්කාර පාර්ශවය විසින් මතු කරන චෝදනාව ප්‍රතික්ෂේප කළේය.

එම  පනත් කෙටුම්පත තුළින් එවැනි නීති විරෝධී ක්‍රියාවන්ට අවකාශ සැලසීමක් සිදුනොවන අතර බදු ගෙවීම් පැහැර හරිමින් සිටින විශාල පිරිසක් බදු ජාලයට අසු කර ගැනීම සඳහා මෙය ඉදිරිපත් කොට ඇතැයි ද පෙන්වා දුන්නේය.

එම පනත් කෙටුම්පත තුළින් පනත් ගණනාවක අන්තර්ගත වගන්ති අක්‍රිය වීමක් සිදුවන බව පෙත්සම්කාර පාර්ශවය විසින් චෝදනා කර තිබුණත් එය ද පිළිගත නොහැකි බව පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා දේශීය ආදායම් පනත ඇතුළු පණත් 02 ක් පමණක් එම පනත් කෙටුම්පත තුළින් බලපෑම් එල්ල කරන බව සඳහන් කර සිටියේය.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති සියල්ල ආණ්ඩුකම ව්‍යවස්ථාවට අනුකූල බව ඔහු ප්‍රකාශ කළේය.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම් පිළිබඳ ලිඛිත දේශන ලබන සඳුදා (02) ඉදිරිපත් කරන ලෙස නියෝග කළ  ශ්‍රේෂ්ඨාධිකරණය ඉන් අනතුරුව අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ සිය රහසිගත තීන්දුව කථානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළේය.

පනත් කෙටුම්පත් අභියෝගයට ලක් රමින් සමගි ජන බලවේගය, ජනතා විමුක්ති, පෙරමුණ එක්සත් ජාතික පක්ෂය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව විසින් පෙත්සම් 08 ක් ඉදිරිපත් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මේක අයවැයක් නොවේ පච වැලක් – විපක්ෂ නායක සජිත්

මේක අයවැයක් නොවේ පච වැලක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා බුදු රජාණන් වහන්සේගේ උතුම් ධර්මය උපුටා ගෙන සිය අයවැය ඉදිරිපත්...

අයවැය විවාදය මයික් ටයිසන්ලාගේ තරඟයක් බවට පත් කර ගත යුතු නැහැ – ෆයිසර් මුස්තාපා

අයවැය විවාදය මයික් ටයිසන්ලාගේ තරඟයක් බවට පත්කර ගැනීමට ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් ක්‍රියා නොකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කරයි. අයවැය සම්බන්ධයෙන්...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අධ්‍යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන ඇරඹේ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා සංශෝධිත ජාතික විෂයමාලා රාමුව පිළිබඳ අධ්‍යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන ඇරඹේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ සංශෝධිත ජාතික...

තරුණ පරම්පරාව අයවැයෙන් සම්පූර්ණයෙන්ම අමතක කරලා- එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේදී අයවැය සම්බන්ධයෙන් ඊයේ දින(12) කළ විශේෂ ප්‍රකාශය. මේ ඉදිරිපත් කර තිබෙන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img