Wednesday, November 11, 2026
HomeNEWSඑක් මාත්‍රාවක් හෝ ගත් පිරිස ලක්ෂ 100 ඉක්මවයි

එක් මාත්‍රාවක් හෝ ගත් පිරිස ලක්ෂ 100 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින්ගෙන් මේවන විට ලක්ෂ 100කට කොවිඩ් මර්දන එන්නතෙහි එක් මාත්‍රාවක් හෝ ලබා දී ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අනුරාධපුරයේ පැවති උත්සවයකදීය.

“අද වෙනකොට ලංකාවේ අවුරුදු 30ට වැඩි ජනගහනය ලක්ෂ  115යි. ඒ ලක්ෂ 115න් මේ වන විට ලක්ෂ 100කට කොවිඩ් 19 එන්නත් දීලා තියෙනවා. ඒ අනුව අපිට තව ලක්ෂ 15ක් ඉතුරුවෙලා තියෙනවා අවුරුදු 30 වැඩි පිරිස. ජනාධිපතිවරයා අපිට දීපු අභියෝගය තමා අගෝස්තු මාසය අවසන් වන විට අවුරුදු 30 වැඩි සියලුදෙනාට එන්නත්කරණය නිමා කරන්න කියලා. නමුත් අපේ රටේ සෞඛ්‍ය සේවකයිගේ, ඒ වගේම ආරක්ෂක අංශයේ සහයෝගයෙන් ඒ දීපු ඉලක්කය, ඒ දීපු දිනෙටත් කලින් කරන්න අපට පුළුවන්කම ලැබෙනවා. මේ 30ට වැඩි කාණ්ඩය ඉවරවුණ ගමන් අවුරුදු 18 – 30 අතර කාණ්ඩයට එන්නත්කරණය ලබාදීම ආරම්භ කරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...

අධික වැසි සමඟ කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අධික වැසි සමඟ කොළඹ, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ඛෙත්තාරාම අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා, රථවාහන තදබදයක්. ආමර් බාබර්, නවම් මාවත, බොරැල්ල අවට මාර්ග කිහිපයකත්...

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනමද? විපක්ෂ නායක සජිත්

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනිමද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන රජය තුළින් රටේ ලක්ෂ 220 ජනතාවට සිදුවන හානිය, ජීවත්...

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img