Thursday, November 12, 2026
HomeNEWSකොතලාවල පනත ගැන විවාදය කල්දැමේ

කොතලාවල පනත ගැන විවාදය කල්දැමේ

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත එළඹෙන සිකුරාදා පාර්ලිමේන්තුවේදී විවාදයට නොගැනීමට රජය තීරණයකර තිබේ.

ඊයේ (02) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙහිදී මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කළ යුතු බවට මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රකාශ කර ඇති අතර තවත් කිහිපදෙනෙකු එය ඉදිරිපත් නොකළ යුතු බව ප්‍රකාශ කර තිබේ.

මෙම තත්ත්වය තුළ කරුණු සලකාබැලීම සඳහා පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පත්කිරීම පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවී ඇත.

කෙසේවෙතත් මෙම තේරීම් කාරක සභාව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පමණක් නියෝජනය කරන්නේ ද, එසේත් නොමැති නම් පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරු නියෝජනය කරන්නේ ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවද වාර්තා විය.

අදාළ සාකච්ඡාව අවසන්වීමෙන් අනතුරුව මැති ඇමතිවරුන් අදහස් පළකළ අතර රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පළකළේ මෙවන් අදහසකි.

“මේ විශ්වවිද්‍යාලයට ගහනවා නම් වැරදියි. සමහරක් වාමාංශික නායකයෝ මේකට..,මෙහෙමයි. ඔය කතාකරන වාමාංශික නායකයින්ගේ දරුවෝ කොහෙද ඉගෙන ගන්නේ බලන්න. ඒ දරුවෝ ඉගෙන ගන්නේ අමෙරිකාව වගේ රටවල. අපි මේ ගැන මතයකට ආවා. සංශෝධන සහිතව සම්මත කරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රජයේ විධායක නිලධාරීන්ට දෙන රු:50,000 ප්‍රවාහන දීමනාව රු:100,000 දක්වා ඉහළට

2027 අයවැය: රජයේ විධායක නිලධාරීන්ට දෙන රු:50,000 ප්‍රවාහන දීමනාව රු:100,000 දක්වා ඉහළට. විද්‍යුත් වාහන භාවිත කරන නිලධාරීන්ට ජූලි මාසයේ සිට 150% දීමනා ඉහළ නැංවීමක්.

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ 03 වන අදියරට රු:බි:110 ක්

2027අයවැය: රාජ්‍ය සේවයේ පුරප්පාඩු 148,940 සඳහා දැනට 40,000 ක් බඳවාගෙන ඇති අතර, තවත් 110,000 බඳවා ගැනීමට ප්‍රතිපාදන. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ 03 වන අදියරට රු:බි:110...

නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත නව නිල ඇඳුමක් 2027 ජුනි මාසයේදී පොලිස් නිලධාරීන්⁣ට

2027 අයවැය: නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත නව නිල ඇඳුමක් 2027 ජුනි මාසයේදී පොලිස් නිලධාරීන්⁣ට. වැලිකඩ, මැගසින් සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර මිල්ලෑවට ගෙන යාමට රු:මි:300 ක්.

වී වගාව සඳහා පොහොර සහනාධාර වෙනුවෙන් රු:මි:44,000 ක්

2027 අයවැය: වී වගාව සඳහා පොහොර සහනාධාර වෙනුවෙන් රු:මි:44,000 ක්. කුඹුරුවල වගා කරන අනෙකුත් බෝග සඳහාත් මහ කන්⁣නයේ සිට පොහොර සහනාධාරය. කුරුඳු කර්මාන්තය නැංවීමට රු:මි:400 ක්.-
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img