Wednesday, November 11, 2026
HomeNEWSකොවිඩ් රෝගීන්ට ඇඳන් හිඟයක් අතළඟ ?

කොවිඩ් රෝගීන්ට ඇඳන් හිඟයක් අතළඟ ?

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඇඳන් ධාරිතාවයෙන් සියයට 90ක් මේ වනවිට භාවිතයට ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 224ක ඇඳන් 33,136ක් පවතින අතර මේ වනවිට ඉන් ඇඳන් 30,046කම රෝගීන් සිටින බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

කොවිඩ් -19 ආසාදිතයින් 2,420 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනාගත් අතර දෛනික ආසාදිතයින් ගණන 2,000 ඉක්මවා ගියේ අඛණ්ඩව පස්වන දිනටය.

කොවිඩ් ආසාදිතයින් 500කට ආසන්න සංඛ්‍යාවක් ඇතුළත්ව සිටින රාගම ශික්ෂණ රෝහලේ ඇඳන් ධාරිතාව මේ වනවිට ඉක්මවා යෑම හේතුවෙන් එහි ඊයේ වනවිට රෝගීන් විවිධ ස්ථානවල තබා ප්‍රතිකාර කරන අයුරු දැකගත හැකිවිය.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තාක්ෂණික හා ශ්‍රම දායකත්වයෙන් නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ස්ථාපිත කළ ඇඳන් 160 කින් සමන්විත නව කොවිඩ් ප්‍රතිකාර ඒකකයක් අද පෙරවරුවේ විවෘත කෙරුණි.

මේ අතර කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ දෙවන මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා එන්නත ඊයේ පුද්ගලයින් 174,985 කට ලබා දී තිබේ.

ඊයේ දිනය තුළ ලබාදී ඇති මුළු එන්නත් මාත්‍රා ගණන 422,472කි.

වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවලට අනුව ඊයේ වනවිට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති මෙරට සමස්ත පුද්ගලයින් ගණන 1 කෝටි 3 ලක්ෂ 9,855කි. 

එය මෙරට වැඩිහිටි ජනගහනයෙන් 73.6 % ක් වෙයි.

මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයන් ගණන 24 ලක්ෂ 48,361කි.

එය ප්‍රතිශතයක් ලෙස මෙරට වැඩිහිටි ජනගහනයෙන් 17.4 % කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...

අධික වැසි සමඟ කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අධික වැසි සමඟ කොළඹ, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ඛෙත්තාරාම අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා, රථවාහන තදබදයක්. ආමර් බාබර්, නවම් මාවත, බොරැල්ල අවට මාර්ග කිහිපයකත්...

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනමද? විපක්ෂ නායක සජිත්

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනිමද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන රජය තුළින් රටේ ලක්ෂ 220 ජනතාවට සිදුවන හානිය, ජීවත්...

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img