Wednesday, November 11, 2026
HomeNEWSඅරගලය අත්හරින්නේ නෑ - ගුරු විදුහල්පති සංගම්

අරගලය අත්හරින්නේ නෑ – ගුරු විදුහල්පති සංගම්

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යවරයා සමග අද (03) පස්වරුවේ පැවති සාකච්ඡාව ද අසාර්ථක වූ බව ගුරු සංගම් පවසති.

අදාළ ගැටලුව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සහ ගුරු – විදුහල්පති සංගම් 37ක් අතර මෙම සාකච්ඡාව පැවැත්වුණි.

වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා මේ අවස්ථාවේදී රජයට මුදල් නොමැති බවට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති පසුබිමක මෙම සාකච්ඡාව සිදුවිය. 

ඒ අනුව අද 23 වැනි දිනටත් ගුරු- විදුහල්පති විරෝධතා පැවැත්විණි.   

වැටුප් විෂමතා ඉවත් කිරිමට අදාළව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් අනුකමිටුවේ වාර්තාව ඊයේ (02) යළි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරිණි.

අදාළ ගැටලුව සම්බන්ධයෙන් ලබන අයවැයේදී සලකා බැලීමට එහිදී කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කොට තිබුණි.

අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය සම්බන්ධයෙන් ගුරු සංගම් අද සිය විරෝධය පළ කළ අතර ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාර්ලින් මහතා සඳහන් කළේ,

“අයවැය වෙනකම් අපිට බලන් ඉන්න බෑ. අපි ඒ කාරණය දැඩිලෙස ප්‍රතික්ෂේප කළා. සුබෝධනී වැටුප් කමිටු වාර්තාව ක්‍රියාත්මක කරනවා ද? නැද්ද? කියලවත් තීරණයක් අරගෙන නෑ. ඔවුන්ගේ කතාවෙන් තේරුණේ ඔවුන්ට ඒ සම්බන්ධයෙන් ස්ථාවරයක් නෑ. ඔවුන්ට යෝජනාවක්වත් අතේ නෑ. අපේ අරගලය අනිවාර්යයෙන්ම පෙරට යනවා. කිසිදු “

සිය ගැටලුවට විසඳුමක් නොමැතිවීමෙන් අදත් දිවයින පුරා පාසල් රැසක ගුරුවරුන් සේවයට වාර්තා කර තිබුණේ නැත.

මේ අතර අද පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවක් පවත්වමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව පමණක් නොව සමස්ත ලෝකයම දැඩි ආර්ථික අර්බූදයක සිටින අවස්ථාවක වසර 24ක් පමණ පැවති ගුරු ගැටලුව මේ මොහොතේම විසඳන ලෙස ඉල්ලීම අසාධාරණ බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...

අධික වැසි සමඟ කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අධික වැසි සමඟ කොළඹ, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ඛෙත්තාරාම අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා, රථවාහන තදබදයක්. ආමර් බාබර්, නවම් මාවත, බොරැල්ල අවට මාර්ග කිහිපයකත්...

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනමද? විපක්ෂ නායක සජිත්

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනිමද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන රජය තුළින් රටේ ලක්ෂ 220 ජනතාවට සිදුවන හානිය, ජීවත්...

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img