රුපියල් 500යේ ව්‍යාජ මුදල් නෝට්ටු 17ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (04) රාත්‍රී 7.30ට පමණ පුදුකුඩිඉරිප්පු සුගන්දිපුරම් ප්‍රදේශයේදී මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් සැකකාරියව අත්අඩංගුවට ගෙන ඇත.
41 හැවිරිදි එම සැකකාරියව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.






















