Wednesday, November 11, 2026
HomeNEWSතුන්වැනි මාත්‍රාව ගැන යුද හමුදාපති පැහැදිලි කරයි

තුන්වැනි මාත්‍රාව ගැන යුද හමුදාපති පැහැදිලි කරයි

මෙරට ජනතාවට කොවිඩ් මර්දන තුන්වන මාත්‍රාවක් නැතිනම් “බූස්ටර්” එන්නත් මාත්‍රාවක් ලබාදීම පිළිබඳ ජනාධිපතිවරයාගේ අවදානය යොමුව ඇතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් වු සාකච්ඡාවක් කොවිඩ් කාර්ය සාධක බළකායේ දී පැවැත් වු බව ද යුද හමුදාපතිවරයා කියා සිටියේය.

අද (08) උදෑදන “දෙරණ අරුණ” සමඟ එක්වෙමින් යුද හමුදාපතිවරයා පවසා සිටියේ, බුස්ටර් එන්නක් ලබාදීම මේ වන විටත් ඇතැම් විදෙස් රටවල සිදුකෙරෙමින් පවතින බවය.

“ජනාධිපතිවරයා පැහැදිලිව උපදෙස් දුන්නා එවැනි අවශ්‍යතාවයක් අනෙක් රටවල්වලත් කරනවා නම් අපේ රටෙත් මේක කරන්න වෙනවා කියලා. ඒ අවශ්‍ය ප්‍රමාණය අනුව ලබාගැනීමට වාහම ඉල්ලුමක් කරන්න කියලා. ප්‍රථම හා දෙවන මාත්‍රා ලබාගැනීමටත් අනෙකුත් රටවල්වලට පෙර ශ්‍රී ලංකාව ගත් නිසා තමයි අද වන විට මේ තත්ත්වයක් ඇති කර ගැනීමට හැකිව තිබෙන්නේ. ඒ අනුව ජනාධිපතිවරයා දැනුම්දුන්නා කණ්ඩායමකට කියලා කිව්වේ නෑ. සියලුම අයට බුස්ටර් එන්නතක් ලබාදීමට අවශ්‍ය නම් හැකි ඉක්මනින් ඉල්ලුම් කරන්න කියලා. රටේ ජනතාවගෙන් සියයට 93කට පළමු මාත්‍රාව ලබාදී තිබෙනවා. ඒ වගේම සියයට 23කට දෙවන මාත්‍රාව ලබා දී තිබෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනමද? විපක්ෂ නායක සජිත්

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනිමද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන රජය තුළින් රටේ ලක්ෂ 220 ජනතාවට සිදුවන හානිය, ජීවත්...

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img