කොවිඩ් එන්නතේ පළමු මාත්රාව නොගත් බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි ජනතාවට අගෝස්තු 10 වන අඟහරුවාදා සිට එන්නත් ලබාදීමට නියමිතය.
නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, බස්නාහිර පළාතේ බරපතළ රෝගාබාධ ඇති ජනතාවට ද අඟහරුවාදා සිට දින තුනක් එන්නත් ලබාදෙන බවය.
1906 දුරකතන අංකය අමතා ඒ සඳහා ජනතාවට ලියාපදිංචි විය හැකි බව ද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.






















