Wednesday, November 11, 2026
HomeNEWSපාසල් ආරම්භය කවදා ද? ඇමති ජීඑල් ගෙන් පිළිතුරු

පාසල් ආරම්භය කවදා ද? ඇමති ජීඑල් ගෙන් පිළිතුරු

අගෝස්තු මස අවසන් සතියේ හෝ සැප්තැම්බර් මස මුල් සතියේ පාසල් ආරම්භ කිරීම පවතින කොවිඩ් තත්ත්වය මත අවිනිශ්චිත බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළ කළේය.

අගෝස්ගු මස අවසානයට පෙර සියලුම ගුරුවරුන්ට හා අනධ්‍යයන කාර්යමණ්ඩලවලට දෙවන මාත්‍රාව ලබාදීමට රජය සැලසුම් කර තිබු බවත් ඉන් අනතුරුව පියවරෙන් පියවර සෞඛ්‍ය මා‍ර්ගෝපදේශවලට යටත් ව යම් ක්‍රමවේදයක් යටතේ පාසල් විවෘත කිරීම ට බලාපොරොත්තු වු බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ.

පවතින තත්ත්වය තුළ මාර්ගගත අධ්‍යාපනය ශක්තිමත් කිරීම මඟින් දරුවන්ට අධ්‍යාපනය ලබාදීම ඉතා අවශ්‍ය බව ද සඳහන් කර සිටින අමාත්‍යවරයා,  එයින් ද ඉවත්වීමට ගුරුවරුන් කටයුතු කරනවා නම් ඉන් අසාධාරණයට ලක්වන්නේ සහ පීඩනයට ලක්වන්නේ පහසුකම් පවා හරිහැටි නොමැති දරුවන් බව ද පැවසීය.

එබැවින් එහි සමාජ සාධාරණත්වය පිළිබඳ නැවත වරක් සිතිය යුතු යැයි ද පවසා සිටි අමාත්‍යවරයා ගුරුවරුන්ගේ ගැටලුව විසඳීමට ඇති සුදුසු ම ක්‍රියාමාර්ගය ලෙස කැබිනට් මණ්ඩලයේ තීන්දුව වූයේ, මාස 03කින් ඉදිරිපත් කිරීමට නියමිත අය-වැය යෝජනා මඟින් රටේ පවතින ආර්ථික තත්ත්වය ද සලකා බලා සමස්ත රාජ්‍ය සේවය ම පිළිබඳ සාධාරණයක් කිරීම බවද සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනමද? විපක්ෂ නායක සජිත්

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනිමද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන රජය තුළින් රටේ ලක්ෂ 220 ජනතාවට සිදුවන හානිය, ජීවත්...

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img