Wednesday, November 11, 2026
HomeNEWSඩෙල්ටා බෝම්බය පුපුරලා අවසන්... ඉදිරි සති තුන තීරණාත්මකයි -රාජ්‍ය ඇමති චන්න

ඩෙල්ටා බෝම්බය පුපුරලා අවසන්… ඉදිරි සති තුන තීරණාත්මකයි -රාජ්‍ය ඇමති චන්න

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ධාරිතාව ඉක්මවා රෝගීන් වාර්තා වීමේ ගැටලුව සෞඛ්‍ය අමාත්‍යංශය හා රෝහල් පාලනාධිකාරිය ඒකාබද්ධව සාර්ථකව කළමණාකරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්යය චන්න ජයසුමන මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, රෝහල් තුළ වි‍ශේෂ ප්‍රතිකාර ඒකකයන් ද කොවිඩ් -19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කිරීමට මේ වන විට කටයුතු යොදා ඇති බවය.

“ඉදිරි සති දෙක තුනක කාලේ තමයි තීරණාත්මක. ඩෙල්ටා වෛරසය බෝම්බයක් වගේ. මේක නිව්යෝක්, ලන්ඩන් නුවර පිපිරුවා. ඉන්දුනීසියාවේ පිපිරුවා. ලංකාවෙත් ඩෙල්ටා බෝම්බය පුපුරලා තියෙන්නේ. නමුත් ඒකට මුහුණ දෙන්න ඕනේ. ජනතාවට ඇත්ත කියලා පරිස්සම්වෙලා හිටියොත්. ආරක්ෂා කරගත්තොත් අපිට මේ අභියෝගය ජයගන්න පුළුවන් වෙයි. විශේෂිත ඒකක සඳහා වෙන්කරලා තිබුණ වාට්ටු කොවිඩ් රෝගීන් සඳහා වෙන්කර ගන්න අපි තීරණය කළා. ඒ වාට්ටුවල සේවය කළ විශේෂඥ වෛද්‍යවරු හෙද නිලධාරීන් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට යොමුකළා. ඒකෙන් තමා අපිට හැකියාව ලැබුණේ මේ තත්ත්වයට මුහුණ දී ගන්න.”

කාර්ය සාධන බළකාය පිළිබඳ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, එහිදී ගනු ලබන තීන්දු තීරණ ජනතාධිපතිවරයා විසින් ගන්නා බවය.

සියලු තීරණ සාකච්ඡා කර ගන්නා බවත්, කාර්ය සාධක බළකාය නොතිබුණා නම් රට අවුල් ජාලාවක් බවට මේ වන වීමට ඉඩ තිබු බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා යුද හමුදාව විවේචනය කරනු ලබන්නේ එයට ඇති බිය නිසා බවද පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, ත්‍රිවිධ හමුදාව කොවිඩ් පාලනයට ලබාදෙන සහයෝගය සියලුදෙනාගේ ගෞරවයට පාත්‍ර වන බව ද පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනමද? විපක්ෂ නායක සජිත්

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනිමද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන රජය තුළින් රටේ ලක්ෂ 220 ජනතාවට සිදුවන හානිය, ජීවත්...

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img