Thursday, November 12, 2026
HomeNEWSවැඩි මිලට භාණ්ඩ විකුණන වෙළෙඳුන් ට පනවන දඩය රුපියල් ලක්ෂය දක්වා ඉහළට

වැඩි මිලට භාණ්ඩ විකුණන වෙළෙඳුන් ට පනවන දඩය රුපියල් ලක්ෂය දක්වා ඉහළට

උපරිම සිල්ලර මිල උල්ලංඝනය කර අත්‍යාවශ්‍ය භාණ්ඩ අලෙවිකරන වෙළෙඳුන්ට පනවා තිබූ රුපියල් 2,500ක දඩ මුදල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ දැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව අදාළ තීරණය ගැසට් නිවේදනයක් මඟින් අද (10) දින ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

“භාණ්ඩයක් රජය විසින් නියම කරන මිලට වඩා වැඩි මිලට අලෙවි කලොත් මෙතෙක් පැවති රු 2,500ක් වු දඩය රු 100,000 දක්වා, අවම දඩය රු 3,900කට වඩා වැඩි ප්‍රමාණයකින් දඩය වැඩි කිරීමේ ඓතිහාසික තීන්දුව ගත්තා. සහල් වෙළෙඳපොළ මාෆියාවේ ඇතැම් පාර්ශවයන් රට පුරා ප්‍රචාරය කර සිටියා මොනම හේතුවක් නිසාවත් මේ දඩයට බියවෙන්න එපා. මේ රු 2,500 දඩය වෙනස් කරන්න අපි ඉඩදෙන්නේ නෑ. අපි ආණ්ඩුව සමඟ නියම් හෝ අනියම් ආකාරයකට සම්බන්ධතා පවත්වාගෙන යමින් මේ දඩය වැඩි කරන්න දෙන්නේ නැතුව, වෙළෙඳපොළේ සහල් මිල ඉහළ නැංවීමේ වැඩපිළිවෙල මේ කන්නයේ ක්‍රියාත්මක කරන්න තමයි අපේ අපේක්ෂා කරේ. අපිට පුළුවන්කම ලැබෙනවා මේ තීන්දුව ගැසට් නිවේදනයක් බවට පත්කරලා ගැසට් කරන්න.”

මේ අතර පෞද්ගලික ගෑස් සමාගම් විසින් සිය සැපයුම් ජාලය අකර්මණ්‍ය කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට තීරණය කළ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ගෑස් මිල ඉහළ නැංවීම සඳහා සමාගම් වෙත අවසර ලබානොදීමේ ප්‍රතිඵලයක් ලෙස ගෑස් සමාගම් විසින් ගෑස් ආනයනය සීමාකිරීම හේතුවෙන් අර්බුදයක් නිර්මාණයක් වී ඇති බවය.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත නව නිල ඇඳුමක් 2027 ජුනි මාසයේදී පොලිස් නිලධාරීන්⁣ට

2027 අයවැය: නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත නව නිල ඇඳුමක් 2027 ජුනි මාසයේදී පොලිස් නිලධාරීන්⁣ට. වැලිකඩ, මැගසින් සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර මිල්ලෑවට ගෙන යාමට රු:මි:300 ක්.

වී වගාව සඳහා පොහොර සහනාධාර වෙනුවෙන් රු:මි:44,000 ක්

2027 අයවැය: වී වගාව සඳහා පොහොර සහනාධාර වෙනුවෙන් රු:මි:44,000 ක්. කුඹුරුවල වගා කරන අනෙකුත් බෝග සඳහාත් මහ කන්⁣නයේ සිට පොහොර සහනාධාරය. කුරුඳු කර්මාන්තය නැංවීමට රු:මි:400 ක්.-

පාසල් සිසුන් 750,000 කට බ්‍රෝඩ් බෑන්ඩ් වවුචර්..දහම් පාසල් ගුරු දීමනා සහ විද්‍යාපීඨ ගුරු දීමනා ඉහළට

2027 අයවැය: පාසල් සිසුන් 750,000 කට බ්‍රෝඩ් බෑන්ඩ් වවුචර්. දහම් පාසල් ගුරු දීමනාව රු:12,500 දක්වා රු:5000 කින් ඉහළට. විද්‍යා පීඨ ගුරු දීමනාව රු:10,500 සිට 20000 දක්වා ඉහළට..

මෙවර අයවැයේ උපායමාර්ගික සැලසුම් 07 ක්- ජනපති

2027 අයවැය: මෙවර අයවැයේ උපායමාර්ගික සැලසුම් 07 ක්. හදිසි භාවිතයට භාණ්ඩාගාරයේ මුදල් සංචිතයක් පැවතිය යුතුයි: ජනපති.-2027 අයවැය: ආයෝජනයන්ට හිතකර පරිසරයක්. අපනයන තරගකාරීත්වය සහ විදෙස් විනිමය ධාරිතාව ඉහළට. අයවැය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img