Wednesday, November 11, 2026
HomeNEWSගංජා සමග බ්‍රිතාන්‍ය ජාතිකයෙකු අත්අඩංගුවට

ගංජා සමග බ්‍රිතාන්‍ය ජාතිකයෙකු අත්අඩංගුවට

මෙරට නේවාසිකව රැඳීසිටින බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ගංජා තොගයක් සමග හික්කඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

හික්කඩුව පොලීසියට ලද තොරතුරක් අනුව ඊයේ (12) සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඔහු සන්තකයේ තිබී ගංජා කිලෝග්‍රෑම් 1ක් සොයාගෙන තිබේ. 

ඔහු 43 හැවිරිදි පුද්ගලයෙකි.

මේ අතර කාත්තන්කුඩිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මඩකලපුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් වැටලීම සිදුකර ඇත.

සැකකරුවන් සතුව කේරළ ගංජා කිලෝග්‍රෑම් 2ට වැඩි ප්‍රමාණයක් තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඊට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයට ලද තොරතුරු අනුව සිදුකළ වැටලීමකදී අක්කරේපත්තු ප්‍රදේශයේදී කෘතිමව නිෂ්පාදනයකර ඇති මත්පෙති 4980ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පෑලියගොඩ ප්‍රදේශවලදී ද කෘතිමව නිෂ්පාදනය කරන ලද මත්පෙති 190ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනමද? විපක්ෂ නායක සජිත්

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනිමද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන රජය තුළින් රටේ ලක්ෂ 220 ජනතාවට සිදුවන හානිය, ජීවත්...

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img