කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අතර පැවැත්වීමට නියමිතව තිබූ “නිල් මහ සටන” ක්රිකට් තරගය නැවත දැනුම්දෙන තුරු කල්දැමීමට තීරණය කර තිබේ.
එම තරගය පැවැත්වීමට මීට පෙර දින නියම කර තිබුණේ සැප්තැම්බර් මස 9 සිට 11 දක්වා ය.
පාසල් දෙක අතර 142 වැනි මහ තරගය එලෙස පැවැත්වීමට නියමිතව තිබුණි.






















