Thursday, November 12, 2026
HomeNEWSහදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය දීර්ඝ කෙරේ

හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය දීර්ඝ කෙරේ

පවතින කොවිඩ්  වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව දැනට ස්ථිර හා තාවකාලික පදනමින් සේවයේ යෙදී සිටින හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය මෙම වසරේ දෙසැම්බර් මස 31 වනදා දක්වා දීර්ඝ කෙරෙනු ඇත.

මෙහිදී අගෝස්තු මස පළමුවන දින සිට දෙසැම්බර් මස 31 වන දින දක්වා වයස අවුරුදු 70 සම්පූර්ණ වූ හෝ සම්පූර්ණ වීමට නියමිත හදිසි මරණ පරීක්ෂකවරුන් අමාත්‍යාංශය වෙත ඉල්ලුම් පත්‍ර යොමු කිරීම අත්‍යවශ්‍ය නොවන බවද එම අමාත්‍යාංශය දැනුම් දෙයි.

එමෙන්ම එම වසරේ මාර්තු මස 31 වන දිනෙන් අනතුරුව මුල් පත්වීමේ කාලසීමාව හෝ සේවා දීර්ඝය අවසන් වී ඇති එහෙත් මෙතෙක් සේවා කාලය දීර්ඝ කර නොමැති හදිසි මරණ පරීක්ෂකවරුන් ඉල්ලුම්පත්‍ර යොමු කිරීමක් අවශ්‍ය නොවන බව සඳහන් වේ.

කෙසේ වෙතත් එම වසරේ දෙසැම්බර් මස 31 වන දිනෙන් සේවා දීර්ඝ කිරීම සඳහා වන ඉල්ලුම් පත්‍ර සාමාන්‍ය විධිවිධාන පරිදි අමාත්‍යාංශය වෙත යොමු කළ යුතු බව ද අධිකරණ අමාත්‍යංශය  දැනුම් දෙයි.

මේ අතර විනය හේතුන් හෝ වෙනත් හේතූන් මත සේවා දීර්ඝ ලබා නොදෙන බවට ලිඛිතව අමාත්‍යාංශය විසින් දැනුම්දී ඇති හදිසි මරණ පරීක්ෂකවරුන් සම්බන්ධයෙන් මෙම චක්‍රලේඛ විධිවිධාන අදාළ නොවන බවද සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පාසල් සිසුන් 750,000 කට බ්‍රෝඩ් බෑන්ඩ් වවුචර්..දහම් පාසල් ගුරු දීමනා සහ විද්‍යාපීඨ ගුරු දීමනා ඉහළට

2027 අයවැය: පාසල් සිසුන් 750,000 කට බ්‍රෝඩ් බෑන්ඩ් වවුචර්. දහම් පාසල් ගුරු දීමනාව රු:12,500 දක්වා රු:5000 කින් ඉහළට. විද්‍යා පීඨ ගුරු දීමනාව රු:10,500 සිට 20000 දක්වා ඉහළට..

මෙවර අයවැයේ උපායමාර්ගික සැලසුම් 07 ක්- ජනපති

2027 අයවැය: මෙවර අයවැයේ උපායමාර්ගික සැලසුම් 07 ක්. හදිසි භාවිතයට භාණ්ඩාගාරයේ මුදල් සංචිතයක් පැවතිය යුතුයි: ජනපති.-2027 අයවැය: ආයෝජනයන්ට හිතකර පරිසරයක්. අපනයන තරගකාරීත්වය සහ විදෙස් විනිමය ධාරිතාව ඉහළට. අයවැය...

2027 අයවැය ඉදිරිපත් කිරීම සඳහා, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙයි

2027 අයවැය ඉදිරිපත් කිරීම සඳහා, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙයි.

නාමල් රාජපක්ෂගෙන් දකුණු කොරියානු පාර්ලිමේන්තුවට විශේෂ පණිවිඩයක්

දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු කමිටු සභාපති හමුවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත පිරිසක් – නාමල් රාජපක්ෂගෙන් විශේෂ පණිවිඩයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) දේශපාලන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img