Thursday, November 12, 2026
HomeNEWSමෙරට රසික හදවත් දිනාගත් සුනිල් පෙරේරාගේ හදිසි නික්මයෑම ගැන තැබූ සටහන්

මෙරට රසික හදවත් දිනාගත් සුනිල් පෙරේරාගේ හදිසි නික්මයෑම ගැන තැබූ සටහන්

මෙරට කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ පෙරළියක් ඇති කළ සංගීතඥයෙකු ලෙස සැලකෙන සුනිල් පෙරේරා මහතාගේ අභාවය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු විවිධ ක්ෂේත්‍රවල පාර්ශ්වයන් රැසක් සිය සංවේගයන් පළ කර තිබේ.

ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (06) අලුයම අභාවප්‍රාප්ත වී තිබුණි.

සුනිල් පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (06) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබේ.

සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අවසන් කටයුතු සිදුකෙරෙන බව ඒ මහතාගේ පවුලේ ඥාතීන් පැවසීය.

ඔහුගේ අභාවය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ,

“කණ්ඩායම් සංගීතයේ නව පෙරළියක් ඇති කරමින්, අදටත් එක සේ ජනප්‍රිය ගීත රැසක් ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට දායාද කළ ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතාගේ අභාවය පිළිබඳව මාගේ සාතිශය සංවේගය ප්‍රකාශ කර සිටිමි,” යනුවෙනි.  

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද සිය ෆේස්බුක් පිටුව ඔස්සේ සටහනක් තබා,
 
“ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා මහතාගේ අභාවය පිළිබඳ අසා මම මහත් කනගාටුවට පත්වුණෙමි. ලංකාවේ සංගීත ක්ෂේත්‍රයෙහි ප්‍රබල භූමිකාවක් නිරූපනය කළ හෙතෙම, තමන් විශ්වාස කරන අදහස් උදහස් වෙනුවෙන් පෙනී සිටීමට ද කිසිවිටක පසුබට වූයේ නැත.” 

“මෙරට ප්‍රාසාංගික වේදිකාවට සුනිල් පෙරේරා නොමැති අඩුව තදින්ම දැනෙනු ඇති අතර සිය සංගීත නිර්මාණ ඔස්සේ හැමදාමත් ඔහු අප අතර ජීවමාන වනු ඇත. ඒ මහතාගේ අභාවය නිසා ශෝකයට පත් පවුලේ සැමටත් රසික ජනතාවටත් මගේ සංවේගය ප්‍රකාශ කරමි. සුනිල් පෙරේරා කලාකරුවා පැතූ ආත්ම විමුක්තිය හිමි වේවා!”

මේ අතර ප්‍රවීණ කලාකරු, ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල් මහතා සඳහන් කරන්නේ,

“කොරෝනා ව්‍යසනයෙන් සුනිල් පෙරේරා කලාකරුවා අප අතරින් හදිසියේ වෙන්වීම මහා දුකක්. ඔහු වෙනත් ස්වභාවිකව දොරකින් අප අතරින් වියෝ වුණා නම් ඒ ගැන ගැටලුවක් නෑ. නමුත් මේ කොරෝනා ව්‍යසනයෙන් ඔහු අපි අතරෙන් වියෝවීම දරාගන්න බැරි දෙයක්,” යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නාමල් රාජපක්ෂගෙන් දකුණු කොරියානු පාර්ලිමේන්තුවට විශේෂ පණිවිඩයක්

දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු කමිටු සභාපති හමුවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත පිරිසක් – නාමල් රාජපක්ෂගෙන් විශේෂ පණිවිඩයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) දේශපාලන...

අද(12) පළාත් කිහිපයකටම මි.මී. 100 ට අධික තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (12) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img