Thursday, November 12, 2026
HomeNEWSකොළඹ නගර සීමාවේ ජනතාවට නොමිලේ ඇන්ටිජන්

කොළඹ නගර සීමාවේ ජනතාවට නොමිලේ ඇන්ටිජන්

කොළඹ 1 සිට 15 දක්වා ප්‍රදේශවල පදිංචිකරුවන් සහ රැකියාවල නිරතවන පුද්ගලයින් සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීම කොළඹ මහනගර සභාව විසින් අද (15) ආරම්භ කර තිබේ.

නොමිලේ මෙම ඇන්ටිජන් පරීක්ෂණ සිදු කෙරේ.

ඒ බොරැල්ල කැම්බල් පිටියේදීය.

කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග වෛද්‍යවේදීනි, වෛද්‍ය දිනූකා ගුරුගේ කියා සිටියේ සෑම දිනකම පෙරවරු 9 සිට 11 දක්වා එම කටයුතු සඳහා පහසුකම් පවතින බවය. කොවිඩ් රෝග ලක්ෂණ තිබෙන ඕනෑම කෙනෙකුට මෙම පරීක්ෂණ සඳහා පෙනීසිටිය හැකි බවද ඇය සඳහන් කළාය.

මේ අතර අද බදුල්ල නගරයේ ගමන් කරමින් සිටි ජනතාව අහඹු ලෙස තෝරාගෙන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවන් සිදුකර තිබුණි.

සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ එක්ව එම වැඩසටහන දියත් කර ඇත.

ඉන් 37දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අද(12) පළාත් කිහිපයකටම මි.මී. 100 ට අධික තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (12) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img