Thursday, November 12, 2026
HomeNEWSමහ බැංකු අධිපති ධූරය කටු ඔටුන්නක් බව දන්නවා - කබ්රාල්

මහ බැංකු අධිපති ධූරය කටු ඔටුන්නක් බව දන්නවා – කබ්රාල්

මහ බැංකු අධිපති ධූරය කටු ඔටුන්නක් බව තමා දන්නා බව එම ධූරයට නැවත පත්කළ අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.

ඔහු ඒ බව පැවසුවේ අද (15) එම ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ය. 

මෙරට 16 වන මහ බැංකු අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (15) පස්වරුවේ සිය ධුරයේ රාජකාරී ආරම්භ කළේය.

ආර්ථිකය තුලනය කිරීමේ ක්‍රියාමාර්ග ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාත්මක කිරීම තම මූලික සැලැස්ම බව නව අධිපතිවරයා පැවසීය.

හිටපු මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා ඊයේ (14) සිය ධුරයෙන් විශ්‍රාම ගත්තේය.

වැඩ භාර ගැනීමෙන් අනතුරුව ඔහු පැවසුවේ, “

“මම ජනාධිපතිවරයාට කීපසැරයක්ම කිව්වා මෙම රාජකාරිය මට පවරන්නට එපා කියලා. එතුමත් මට කීපසැරයක්ම භාරගන්න කියලා කිව්වා. අන්තිම වතාවට එතුමා කිව්වා මේක භාරගන්නමයි  කියලා. ඉතින් මම පාර්ලිමේන්තුවෙනුත් අයින්වෙලා. රාජ්‍ය අමාත්‍යධුරයෙනුත් අයින්වෙලා. නැවතවරක් මෙම සේවයට එතුමාගේ ඉල්ලීම මත පිවිසෙන්න තීරණය කළා. මම දන්නවා අනිත් අයටත් වඩා හොඳට මෙම වගකීම භාර ගන්නකොට තිබෙන අමාරුව. සැහෙන කටු ඔටුන්නක් ලෙස මම දකින්නේ. මට මතකයි 2006දී එනකොටත් රටේ ආර්ථිකය යම් දුර්වල මට්ටමක තිබුණා. උද්ධමනය ඩබල් ඩිජිට් ගිහින් තිබුණේ. මට මතකයි එතකොට හිටපු නියෝජ්‍ය අධිපතිවරු මට කිව්වා, “ගවනර් මේක උත්සහ කරන්නවත් එපා,” කියලා. ඒ වුණාට අපි ඒක කළා. උද්ධමනය අපි අඩු කළා. ඊට පස්සේ මම 12වෙනියා හැටියට මහ බැංකුවෙන් අයින් වෙලා යනකොට විදේශ සංචිත තිබුණා අමෙරිකානු ඩොලර් බිලියන 10.2ක පමණ මුදලක්. අද එනකොට විදේශ සංචිත තියෙන්නේ ඩොලර් බිලියන 4යි. ඊට අමතරව තවත් බිලියන එකහමාරක් විතර තියෙනවා චීන බැංකුවේ. රුපියලේ අගය පිරිහිලා තිබෙනවා. විශේෂයෙන්ම කොවිඩ් වසංගතය සහ ලොක්ඩවුන් එක නිසා විරැකියාව වැඩි වේලා. දිළිඳුකමත් වැඩිවෙලා තියෙනවා. ඒ් නිසා අපිට අභියෝග රැසක් තිබෙනවා. විදේශ සංචිත වැඩිකර ගන්න බලාපොරොත්තු වෙනවා. විදේශ ගිණුම පාලනයකර ගන්න අවශ්‍යයි. ඒකත් අපි කරන්න බලාපොරොත්තුවෙනවා. දළ දේශිය නිෂ්පාදිතය වර්ධනය කර ගන්නත් අවශ්‍යයි. යටිතල පහසුකම් සංවර්ධනය කරන්නත් අවශ්‍යයි. රුපියලේ අගය පවත්වාගෙන යන්නත් අවශ්‍යයි. ඒ් සියලු දේවල්ම අප කළ යුතුයි. ඉතින් ඒ නිසා එහෙම කරන්නට නම් මේ පරස්පර විරෝධී කටයුතු පවිච්චිකරගෙන අපිට කරන්නට සිදුවෙනවා යම් කිසි තුලනයක් ලබා ගැනීමට. ඉදිරි මාසය , මාස 2ක,3න 6ය තුළදී මේ තුලනය ඇතිකරගන්නේ කොහොමද කියන එක ගැන තමයි අපිට තියෙන්නේ. ඊළඟ විශේෂ අභියෝගය හැටියට. ඒක ලෙසි  වැඩක් නෙමෙයි කියලත් මම දන්නවා. මම හිතන්නේ අපි හැමෝම එකට එකතු වෙලා ගියොත් අපිට ඒක කරන්න පුළුවන් වෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අද(12) පළාත් කිහිපයකටම මි.මී. 100 ට අධික තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (12) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img