Thursday, November 12, 2026
HomeNEWSඅනෙකුත් බෝග සඳහාත් කාබනික පොහොර ආනයනය ට අවසර

අනෙකුත් බෝග සඳහාත් කාබනික පොහොර ආනයනය ට අවසර

මෙතෙක් වී වගාව සඳහා පමණක් කාබනික පොහොර ආනයනය කිරීමට අවසර ලබා දී තිබුණ ද අද (16) සිට තේ, පොල්, රබර් ඇතුළු අනෙකුත් බෝග සඳහා කාබනික පොහොර ආනයනය කිරීමට අවසර ලබාදී තිබේ.

එම පොහොර ආනයනය කිරීමට රජයේ පොහොර සමාගම් 02ට අවසර ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

මේ අතර ඔක්තෝබර් මාසය වනවිට සියලුම බෝග වගාවන් සඳහා හිඟයකින් තොරව වෙළෙඳපොළෙන් පොහොර මිලදී ගත හැකිවන පරදි පොහොර ආනයනයට පෞද්ගලික අංශයට අවස්ථාව ලබාදීමට ද පියවර ගෙන ඇත. 

ලංකාවේ ප්‍රථම වතාවට කාබනික පොහොර භාවිතයෙන් වී ගොවිතැන් කිරීම සඳහා අවශ්‍ය කාබනික පොහොර මෙරට තුළ නිෂ්පාදනය කෙරෙමින් පවතින බවත් කාබනික නයිට්‍රජන් හා පොටෑසියම් අවශ්‍ය තරම් ආනයනය කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.

හෙක්ටයාර්  01කට නයිට්‍රජන් කිලෝ 300ක් හා පොටෑසියම් කිලෝ 45ක් බැගින් ගොවියාට නොමිලේ ලබාදීමට කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අද(12) පළාත් කිහිපයකටම මි.මී. 100 ට අධික තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (12) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img