Thursday, November 12, 2026
HomeNEWSශ්‍රී ලංකාවට ලබාදෙන සහනදායී ණය මුදල් වැඩිකිරීමට ADB පොරොන්දු වෙයි

ශ්‍රී ලංකාවට ලබාදෙන සහනදායී ණය මුදල් වැඩිකිරීමට ADB පොරොන්දු වෙයි

මෙරට ව්‍යාපෘති වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබාදෙන සහනදායී ණය මුදල ලබන වසරේ දී ඩොලර් බිලියනයක් දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බව එහි අධ්‍යක්ෂ ජනරාල්, කෙනිචි යොකෝයාමා මහතා පවසයි.

පසුගිය වසරේ දී මෙරටට ලබාදී ඇති සහනදායී ණය මුදල ඩොලර් මිලියන 750ක් බව ඒ මහතා සඳහන් කළේය.

මේ අතර කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ලබාදෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකෝයාමා මහතා පවසයි.

අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවති හමුවේ දී ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ බව පවසා තිබේ. 

කොවිඩ් එන්නත්කරණය සම්බන්ධයෙන් අත්කරගෙන ඇති සාර්ථකත්වය තුළින් අභියෝග හමුවේ ජයගැනීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව මැනවින් පෙන්නුම් කරන බව කෙනිචි යොකෝයාමා මහතා මෙහිදී සඳහන් කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

සමස්ත රාජ්‍ය සේවාවත් සෞඛ්‍ය සහ ආරක්ෂක අංශත් එක්ව ක්‍රියා කිරීමෙන් එන්නත්කරණ වැඩපිළිවෙළ සහ කොවිඩ් මර්දන ක්‍රියාවලිය සාර්ථක කරගැනීමට හැකි වූ බව ජනාධිපතිවරයා ‍මෙහිදී පෙන්වා දුනි.

පොසිල ඉන්ධන භාවිතය අවම කරමින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත පරිවර්තනය රජයේ අභිප්‍රාය ය බවත් ඒ සඳහා සූර්ය හා සුළං මගින් විදුලි උත්පාදන ව්‍යාපෘති රැසක් සැලසුම් කර ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.

කාබනික පොහොර භාවිතය සඳහා ද රජය ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹ ඇති අතර කාබනික පොහොර නිෂ්පාදනයට සහ නයිට්‍රජන් නිස්සාරණයට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමට මැදිහත් වන ලෙස ද ජනාධිපතිවරයා කෙනිචි යොකෝයාමා මහතාගෙන් ඉල්ලා සිටියේය.

ග්‍රාමීය ජනතාවගෙන් 90%ක් වන කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නියැලි පිරිසගේ ආදායම හා ජීවන තත්ත්වය නඟා සිටුවීම රජයේ අපේක්ෂාව බව ජනාධිපතිවරයා ‍මෙහිදී සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එමෙන්ම ආර්ථිකමය වශයෙන් ඵලදායී වගාවන් මගින් වන ආවරණය වැඩි කිරීමේ අවශ්‍යතාව ද පෙන්වාදුන් ජනාධිපතිවරයා ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහාය අපේක්ෂා කරන බවද පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img