Thursday, November 12, 2026
HomeNEWSඉන්ධන මිල වැඩි කරන්නැයි CPCයෙන් ඉල්ලීමක්

ඉන්ධන මිල වැඩි කරන්නැයි CPCයෙන් ඉල්ලීමක්

පවතින තත්ත්වය තුළ ඛනිජ තෙල් මිල වැඩිකිරීමක් සඳහා රජයෙන් ඉල්ලීමක් සිදුකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති, නීතිඥ සුමිත් විජේසිංහ මහතා පවසා සිටියේ ඛනිජ තෙල් සංස්ථාව පසුගිය අගෝස්තු මස 31 වනදා වන විට රුපියල් බිලියන 70ක පාඩුවක් ලබා ඇති බවය.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු සභාපතිවරයා,

“අද වෙනකොට පෙට්‍රල් ලීටරයකින් රුපියල් 14.56ක් පාඩුවක් ඛනිජ තෙල් සංස්ථාව ලබනවා. ඒ වගේම ඩීසල්වලින් රුපියල් 31.46කින් වැඩිවෙලා තියෙනවා අලාභය. මාසයකට අපි ගත්තොත් අගෝස්තු 31 වනදා වන විට රුපියල් බිලියන 70ක පාඩුවක් අපි ලබනවා. ඒක නිසා ඛනිජ තෙල් සංස්ථාව මේ වගේ අවස්ථාවක දී සිදුකළ යුතු ප්‍රධාන කාරණය තමයි ඉන්ධන මිල ඉහළ දැමීම. ඒ නිසා රජයේ අවධානය යොමුකරනවා මිල වැඩිකිරීමක් අවශ්‍ය බව ඉතාමත් පැහැදිලිව අපි ඉල්ලා සිටිනවා.”

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේ ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවය.

“අපි වැඩි කළේ ජූනි මාසයේ 11 මැයි මාසයේ ඉලක්කම් පදනම් කරගෙන. එතකොට පෙට්‍රල් තිබුණේ ඩොලර් 74ට ඒක තමයි 92 වෙලා තියෙන්නේ. එදත් එක්ක බලද්දි බරපතළ මිල ඉහළ යෑමක්. මෑත ඉතිහාසයේ වාර්තා වු ඉහළම මිල වාර්තා වෙලා තියෙන්නේ. අපි පුළුවන් තරම් දරාගෙන ඉන්නවා. ඕනවට වඩා බර උස්සන්න ගියාම කොන්ද කැඩෙන්න ඉඩ තියෙනවා. ආණ්ඩුවට පුළුවන් නම් යම් සහනයක් දෙන්න, ආණ්ඩුව සහනයක් දුන්නොත් මිල වැඩිකිරීමක් කරන්න වෙන්නේ නෑ. ඒක අමාත්‍ය මණ්ඩලය සාකච්ඡා කරලා බලනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img