Thursday, November 12, 2026
HomeNEWSමත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ගැටුමක් ? - තරුණයෙකුගේ අත් දෙකම කපා දමලා

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ගැටුමක් ? – තරුණයෙකුගේ අත් දෙකම කපා දමලා

ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයන් දෙදෙනෙකුට කිසියම් පුද්ගලයෙකු පැමිණ තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ලකර තිබේ.

ඉන් එක් පුද්ගලයෙකුගේ අත් දෙකම වෙන් වන සේ කපා දමා ඇති අතර අනෙක් පුද්ගලයාගේ එක් අතක් කපා දමා ඇත.

බණ්ඩාරගම වල්ගම සුනාමි නිවාස සංකීර්ණයේ නිවසක් ඉදිරිපිට දී මෙම ප්‍රහාරය අද (17) එල්ලවී තිබේ.

දෙඅත්වලට ප්‍රහාරය එල්ල වූ පුද්ගලයා මහමග දිවගොස් ඇද වැටී තිබෙන අතර ඔහුට උදව් කිරීමට කිසිවෙකුත් ළංවී නොමැති බවද වාර්තා වෙයි.

අනෙක් පුද්ගලයා පොලීසියට දිවගොස් තිබුණි.

පසුව බණ්ඩාරගම පොලීසිය සුවසැරිය ගිලන් රථයක් සමග වැටීසිටි පුද්ගලයා වෙත පැමිණ එම ස්ථානයේදීම මූලික ප්‍රතිකාර කිරීමට පියවර ගෙන තිබේ.

පොලීසිය පවසන්නේ ප්‍රහාරය එල්ල කර ඇත්තේ මෑතකදී රිමාන්ඩ් භාරයෙන් නිදහස්වී පැමිණි පුද්ගලයකු බවය.

ඔහු මත්කුඩු ජාවාරම සිදු කරන්නෙකු බවත් පොලීසිය පවසයි. 

ප්‍රහාරයට ලක්වූ පුද්ගලයින් ද මත්කුඩු ජාවාරමේ නිරතවන්නන් බවට චෝදනා ලැබූවන් බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

ඔවුන් රැඳීසිටි ත්‍රීරෝද රථයේද තියුණු ආයුධ තිබුණු බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය සඳහන් කළේය. 

සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img