Thursday, November 12, 2026
HomeNEWSතමා නිවැරදිකරු බව පූජිත් අධිකරණය ට කියයි

තමා නිවැරදිකරු බව පූජිත් අධිකරණය ට කියයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍හාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට නිසි ක්‍රියාමාර්ග නොගැනීම සහ රාජකාරිය පැහැරහැරීම ඇතුළු චෝදනාවලට තමා නිවැරදි කරු බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (22) කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

එම නඩුව අද (22) නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධිචෝදනා විත්තිකරුට කියවා දෙනු ලැබීය.

එම චෝදනාවලට තමා නිවැරදි කරු බව එහිදී පූජිත් ජයසුන්දර මහතා අධිකරණය හමුවේ සඳහන් කළේය.

ඉන් අනතුරුව නඩුවේ ආරම්භක දේශනය සිදුකළ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2019 වසරේ අප්‍රේල් මස 21 වන පාස්කු ඉරුදින සහරාන් හෂීම් ගේ නායකත්වයෙන් යුත් ජාතික තවුහීද් ජමාත් නමැති අන්තවාදී සංවිධානය විසින් දිවයිනේ ස්ථාන 08 කදී එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් මියගිය සහ තුවාල ලැබූවන් පදනම් කර ගෙන නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇතැයි කියා සිටියේය.

ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට තොරතුරු ලැබී තිබියදීත් ශ්‍රී ලංකා ජනරජයේ පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරමින් නොසැලකිලිමත් ලෙස රාජකාරිය පැහැර හැර එය වළක්වා ගැනීමට ක්‍රියානොකිරීම තුළින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 102 වගන්තිය යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා එම නඩුව ඉදිරිපත් කර ඇතැයි ඔහු සඳහන් කළේය.

විත්තිකරුට එරෙහි චෝදනා ඔප්පු කිරීම සඳහා 2019 වසරේ අප්‍රේල් මස 07 වනදා සිට 21 වනදා දක්වා කාල සීමාව තුළ හටගත් සිදුවීම් ක්‍රමානුකූලව සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර ඇති බවත් මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව විත්තිකරුට එරෙහිව චෝදනා 855 ක් සහ සාක්ෂිකරුවන් 1215 දිනක දිරිපත් කර තිබෙන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අනතුරුව වැඩිදුර විභාගය හෙට (23) දිනට කල්දැමුණි.

2019 වසරේ අප්‍රේල් මස 07 වන දා සහ එම මස 21 වනදා අතර කාලසීමාව තුළ ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුළු මෙම සංවිධානයේ සාමාජිකයින් පිරිසක් කොළඹ නගරයෙහි පිහිටි කිතුනු දේවස්ථාන සහ හෝටල් ආශ්‍රිතව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට ප්‍රමාණවත් විශ්වාස කළ හැකි තොරතුරු  ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැර පුද්ගලයින් 275 දෙනෙකුගේ මරණය සිදුකිරීම සහ 500 ආසන්න පිරිසකට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින්  හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව චෝදනා 855ක් එල්ල කරමින් මෙම නඩුව ගොනුකර තිබේ.

එම නඩුකරය ජාතික වැදගත්කමක් සහිත විශේෂ නඩුකරයක් සේ සලකා එය ජූරි සභාවක් නොමැති ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නියම කරන ලෙස නීතිපතිවරයා විසින් කරනු ලැබූ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව අගවිනිසුරුවරයා විසින්  ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුව විභාගයට ගැනීමට නියම කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img