Thursday, November 12, 2026
HomeNEWSපාසල් 24කින් කොවිඩ් ආසාදිතයින්

පාසල් 24කින් කොවිඩ් ආසාදිතයින්

පසුගිය 12 වැනිදා සිට 22 වැනිදා දක්වා දින 10 තුළ දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසල් 24ක සිසුන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ අනධ්‍යයන සේවකයින් ඇතුළුව 49 දෙනෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ.

ඒ අතර සිසුන් 30 දෙදෙනකු සිටීම විශේෂත්වයකි. 

එමෙන්ම ඊයේ මොරවක රෝහලේ සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණ මගින් නව ආසාදිතයින් 50 දෙනෙකු හඳුනාගෙන තිබුණි.

මේ අතර උත්සව සමයේ අවදානම් තත්ත්වයක් උද්ගතවිය හැකි බැවින් ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමන කළ යුතු බව වෛද්‍යවරුන් නැවත අවධාරණය කරයි. 

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,

“සාප්පුවලට සීමිත පිරිසක් ඇතුළත් කරගන්න. වෙළෙඳසැල් පවත්වාගෙන යන්නේ අවදානමක් ඇතිවයි. සෞඛ්‍යාරක්ෂාවෙන් තොරව වෙළෙඳසැල්වලට ගියොත් අවදානම තව වැඩිවෙයි. ඔබලා නැවත අවදානමක් ගන්න එපා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img