Wednesday, November 11, 2026
HomeNEWSමැති ඇමතිවරු, දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු පිරිසකට මුදල් ඇමතිගෙන් වැඩමුළුවක්

මැති ඇමතිවරු, දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු පිරිසකට මුදල් ඇමතිගෙන් වැඩමුළුවක්

පවතින තත්ත්වය හමුවේ මෙරට ආර්ථිකය ස්ථාවරත්වය තහවුරු කරමින් සංවර්ධනය පවත්වා ගැනීම සම්බන්ධයෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වා තිබේ.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දීරයේ දී අදාළ වැඩසටහන පවත්වා තිබුණි.

ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්, අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු නියෝජිතයින් ඒ සඳහා එක්ව සිටි බව වාර්තා වේ.

රට තුළ ආහාර සුරක්ෂිතාව පවත්වා ගැනීම, දේශීය කෘෂිකර්මාන්ත සංවර්ධනය, නිෂ්පාදනය පුළුල් කිරීම, අපනයනය වර්ධනය සහ ආයෝජන වැඩිකර ගැනීම යන කුරුණු සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුව තිබේ.

අදාළ වැඩසටහන සම්බන්ධයෙන් “අද දෙරණ” ට පැහැදිලි කළ කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා,

“මෙවර අයවැය යෝජනා අනුව විශේෂයෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලටත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලටත් විශාල මුදල් ප්‍රතිපාදන වෙන් වෙලා තියෙනවා. ග්‍රාමීය මට්ටමින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කරලා තියෙනවා. ඒ අනුව ව්‍යාපෘති ඉතාමත්ම හොඳින් සංවිධානාත්මකව විශේෂයෙන්ම ඉලක්ක කාලවකවාණු අනුව ක්‍රියාත්මක කිරීම සඳහා වන උපදෙස් තමා අද මුදල් අමාත්‍යවරයා විසින් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ටත් ඒවගේම අමාත්‍යාංශ ලේකම්වරුන්ටත්, රාජ්‍ය ලේකම්වරුන්ටත් වගේම විශේෂයෙන්ම දිස්ත්‍රික්ක සංවර්ධන කමිටු සභාපතිවරුන්ටත් ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරුන්ටත් ගරු අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් උපදෙස් ලබාදීමක් සිද්ද කරා. ඒ ඒ අමාත්‍යාංශ මට්ටමින් හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ලබන වසරේ ක්‍රියාත්මක වන වැඩසටහන් මොනවා ද යන්න ඉතාමත් ක්‍රමානුකූලව පැහැදිලි කර ඒ අනුව මුදල් වෙන්වෙන අයුරු මුදල් අමාත්‍යවරයා හා අමාත්‍යාංශවලින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට පැහැදිලි කිරීම් කළා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...

අධික වැසි සමඟ කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අධික වැසි සමඟ කොළඹ, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ඛෙත්තාරාම අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා, රථවාහන තදබදයක්. ආමර් බාබර්, නවම් මාවත, බොරැල්ල අවට මාර්ග කිහිපයකත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img