Wednesday, November 11, 2026
HomeNEWSකොවිඩ් සහ රට වසාදැමීම නිසා දරුවන් ට ඇතිවූ බලපෑම් ගැන අධ්‍යයනයක්

කොවිඩ් සහ රට වසාදැමීම නිසා දරුවන් ට ඇතිවූ බලපෑම් ගැන අධ්‍යයනයක්

කොවිඩ් වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස රට වසාදැමීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ළමුන් සහ නව යොවුන් වියේ පසුවන්නන්ට ඇතුවූ බලපෑම් සම්බන්ධයෙන් නව අධ්‍යයනයක් සිදුකර තිබේ.

එම සොයාගැනීම් තැතිගැන්වෙන සුළු බවයි අදාළ සමීක්ෂකයින් සඳහන් කරයි.

දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීම සඳහා වූ තරුණ සංගමය සහ ChildFund International Sri Lanka විසින් දිවයින පුරා බිම් මට්ටමේ රාජ්‍ය නොවන සංවිධාන පහක සහයෝගයෙන් මෙම සමීක්ෂණය සිදුකර තිබේ.

ශ්‍රී ලංකා පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා රණසිංහ, පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් සුධීර විතාන, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ (මනෝවිද්‍යා) ප්‍රියංගිකා රත්නායක සහ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සංවර්ධන) ඉරේෂා එන්. ධර්මසේන යන මහත්ම මහත්මීන්ගේ අනුග්‍රහය යටතේ ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් ද පැවැත්විණි.

ක්ෂේත්‍ර ඇගයීමට ළමුන් 571ක් සහ තරුණ තරුණියන් 281ක් ඇතුළත් කරගනිමින් මාසයක් පුරාවට එම අධ්‍යයනයන් සිදුකර තිබේ.

තාක්ෂණික සංවාදය අතරතුර ඔවුන්ගේ සොයාගැනීම් සාකච්ඡා කරමින්, තරුණ නායිකා සෙව්මිණි නිර්මා අවධාරණය කළේ, විශේෂයෙන් ගැහැණු ළමයින් සම්බන්ධ ලිංගික අපයෝජන සහ හිරිහැර කිරීම් වසංගතය තුළ වැඩිවෙමින් පවතින බවය.

“අපගේ සොයාගැනීම් පැමිණියේ විශේෂයෙන්ම රට වසාදමා තිබූ කාලයේදී අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය වේදිකාවල දීර්ඝ භාවිතය හේතුවෙන් ගැහැණු ළමයින්ගේ සහ තරුණ කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටළු සමගිනි. තමන් දන්නා හඳුනන ගැහැණු ළමයින්ට හිරිහැර කිරීමට තරුණයන් මෙය අවස්ථාවක් කරගත් ආකාරය අපි දුටුවෙමු. බොහෝ අවස්ථාවලදී තරුණ පෙම්වතියන් ඔවුන්ගේම පෙම්වතුන්ගේ ඉලක්කයන් වී ඇත. ”, ඇය පැහැදිලි කළාය.

 “ඔවුන්ගේ ආරක්ෂාවට සිදුවන මෙම නිරන්තර අවදානම මෙම තරුණ ගැහැණු ළමයින් තුළ වේදනාව, කාංසාව සහ බිය ඇති කළ ආකාරය අපි දුටුවෙමු. එම තත්ත්වය ඔවුන්ගේ පෞරුෂය, විශ්වාසය වගේම නිදහස සඳහාද බලපා තිබුණා.” ඇය වැඩිදුරටත් කියා සිටියේය.

විද්වත් සාකච්ඡාව අතරතුර පැනයකට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි. දර්ශිකා රණසිංහ සඳහන් කළේ නීතිමය ක්‍රියාදාමයන් අතරතුර, ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් ළමයින්ගේ හෝ යොවුන් වියේ දරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම නිලධාරීන් විසින් මෙතෙක් විසඳීමට අපොහොසත්වීම ප්‍රධාන ගැටලුවක් බවය.

“ලිංගික අපයෝජනයට හෝ හිරිහැරයට ලක්වූ දරුවෙකු ඔවුන්ගේ චූදිත අපරාධකරුගෙන් වෙන් කර තැබිය යුතු යැයි කීමට නීති නොමැත. වින්දිත දරුවන්ට නැවත අනාරක්ෂිත නිවෙස්වලට හෝ පරිසරයකට යාමට සිදුවීමෙන් අපට පෙනෙන්නේ නීති පද්ධතියේ පවතින මෙම බරපතළ අඩුපාඩුවයි. බොහෝ අවස්ථාවලදී, ඔවුන්ගේ අපරාධකරු, ඔවුන්ගේම පියා හෝ පවුලේ සාමාජිකයෙකු වනු ඇති අතර, ඕනෑම නීතිමය ක්‍රියාමාර්ගයක් අවසන් වන තුරු ඔවුන් සමග ජීවත්වීමට සිදුවේ. ඒ සඳහා සමහර විට මාසයක් හෝ ඊට වැඩි කාලයක් ගත විය හැකිය.”

ළමුන් සහ යෞවනයන් විසින් වසංගතය තුළ මත්පැන් සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය වැඩිවී ඇති බවද මෙහිදී අනාවරණය වී තිබේ.

ප්‍රේම සබඳතා හෝ පාසල් ලකුණු අවමවීම වැනි හේතු මත දෙමාපියන් විසින් දැඩි දඬුවම් ලබාදීම හේතුවෙන් තරුණ පිරිමි ළමුන් සියදිවි නසා ගැනීම හෝ සියදිවි නසා ගැනීමට තැත් කළ සිදුවීම් ද වාර්තාවී ඇත. 

සමහර පිරිමි දරුවන් හිංසාකාරී පියවරුන් නිසා තම නිවෙස් හා අධ්‍යාපනය හැරදමා ගොස් ඇති බවත් මෙම අධ්‍යයනයේදී හෙළිවී තිබේ.

“ළමා අපයෝජන වැළැක්වීමේ යෝජිත ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී මෙම නිර්දේශ එක් කිරීමට අපි වග බලා ගන්නවා” යැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ (මනෝවිද්‍යා) ප්‍රියංගිකා රත්නායක මහත්මිය එහිදී සඳහන් කර තිබුණි.එම සම්පූර්ණ නිවේදනය පහතින්,

[දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීම සඳහා වූ තරුණ සංගමය’ (AYEVAC) සහ ChildFund International Sri Lanka විසින් දිවයින පුරා බිම් මට්ටමේ රාජ්‍ය නොවන සංවිධාන පහක සහයෝගයෙන් සංවිධානය කරන ලද ‘ළමා ආරක්ෂාව සහ දරුවන්ගේ හා තරුණයින්ගේ මනෝ සමාජීය යහපැවැත්ම කෙරෙහි COVID-19 හි බලපෑම පිළිබඳ තරුණ නායකත්ව සහභාගීත්ව අධ්‍යයනය’ නොවැම්බර් 30 වැනි දින webinar තාක්ෂණය ඔස්සේ දියත් කරන ලදී.

ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා රණසිංහ, පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් සුධීර විතාන, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ (මනෝවිද්‍යා) ප්‍රියංගිකා රත්නායක සහ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සංවර්ධන) ඉරේෂා එන්. ධර්මසේන යන මහත්ම මහත්මීන්ගේ අනුග්‍රහය යටතේ කොවිඩ් 19 ළමුන්ට සහ තරුණයින්ට ඇති වන බලපෑමේ මට්ටම සොයා බැලීම සඳහා සිදුකළ අධ්‍යයනය මෙම අතථ්‍ය සම්මන්ත්‍රණයේදී ඉදිරිපත් කරන ලදී.

මාසයක කාලයක් පුරා පවත්වන ලද මෙම අධ්‍යයනයට වත්මන් වසංගතය විසින් එල්ල කරන ලද ප්‍රායෝගික අභියෝග මධ්‍යයේ නුවරඑළිය, ත්‍රිකුණාමලය, මඩකලපුව, මාතලේ, පුත්තලම සහ මොනරාගල නියෝජනය කරන AYEVAC තරුණ නායකයින් 58 දෙනෙකුගේ සාමූහික උත්සාහය දැකගත හැකි විය.  ඔවුන්ගේ තැතිගන්වනසුලු සොයාගැනීම් සහ තීරණාත්මක නිර්දේශයන් පැමිණියේ COVID-19 වසංගතය සහ එහි ප්‍රතිඵලයක් ලෙස රට වසාදමා තිබූ කාලය අතරතුර ශ්‍රී ලංකාව පුරා ළමුන්ගේ සහ නව යොවුන් වියේ දරුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම පිළිබඳ සැලකිල්ල වර්ධනය ඉස්මතු වූ අවස්ථාවක ය.

AYEVAC විසින් සිය පුළුල් ක්ෂේත්‍ර ඇගයීම ළමුන් 571ක් සහ තරුණ තරුණියන් 281ක් ඇතුළත් කර ගනිමින් සිදු කරන ලදී.ඔවුන්ගේ ක්‍රමවේදය තුළ, තරුණ නායකයින් කුඩා ළමුන් සහ තරුණ කණ්ඩායම් විවිධ වයස් කාණ්ඩවලට අනුව සංවිධානය කළ අතර සවන්දීම සහ ඉගෙනීම (L&L) සැසි සඳහා පහසුකම් සලසා ඇත.  L&L යනු කීර්තිමත් ජාත්‍යන්තර සංවිධාන කිහිපයක් විසින් සැලසුම් කර සාර්ථකව පරීක්‍ෂා කරන ලද සහභාගීත්ව ඇගයීම් ක්‍රමවේදයකි. තවද මෙම විශේෂිත L&L සංවාදය සහභාගීත්ව ක්‍රියා පර්යේෂණ මූලධර්ම මත විශේෂයෙන් නිර්මාණය කරන ලද ක්‍රමයක් විය.

මෙම L&L සැසි අතරතුර, තරුණ නායකයින් වෙත කුඩා ළමුන්/තරුණ කණ්ඩායමක් සමඟ අසුන්ගනිමින් විවිධ සහභාගීත්ව මෙවලම් සහ ශිල්පීය ක්‍රම භාවිතා කරමින් සංවාදයේ යෙදීමට පහසුකම් සලසා ඇත. ඔවුන් ප්‍රශ්නාවලියක් භාවිතා කළේ නැත. ඒ වෙනුවට, තරුණ නායකයින් සංවාදය නිදහසේ ගලායාමට පහසුකම් සැලසීම සඳහා නිශ්චිත විමර්ශන ක්ෂේත්‍ර හඳුනා ගත්හ.

සහභාගිවන්නෙකුගේ පුද්ගලික අත්දැකීම් සහ ඕනෑම විශේෂිත තත්වයක් පිළිබඳ සංජානනය ග්‍රහණය කර ගැනීමට ඔවුන් ප්‍රශ්න ඇසූ අතර උපදේශකයින්ගේ සහ ප්‍රාදේශීය රාජ්‍ය නොවන සංවිධාන කාර්ය මණ්ඩලයේ තාක්ෂණික මගපෙන්වීම යටතේ තරුණ නායකයින් විසින් සොයාගැනීම් වල විශ්ලේෂණය සහ අර්ථ නිරූපණය ද අවසන් කරන ලදී.

webinar තාක්ෂණික සංවාදය අතරතුර ඔවුන්ගේ සොයාගැනීම් සාකච්ඡා කරමින්, තරුණ නායිකා සෙව්මිණි නිර්මා අවධාරණය කළේ, විශේෂයෙන් ගැහැණු ළමයින් සම්බන්ධ ලිංගික අපයෝජන සහ හිරිහැර කිරීම් වසංගතය තුළ වැඩිවෙමින් පවතින බවයි.

” අපගේ සොයාගැනීම් පැමිණියේ විශේෂයෙන්ම රට වසාදමා තිබූ කාලයේදී අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය වේදිකා වල දීර්ඝ භාවිතය හේතුවෙන් ගැහැණු ළමයින්ගේ සහ තරුණ කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටළු සමඟිනි. තමන් දන්නා හඳුනන ගැහැණු ළමයින්ට හිරිහැර කිරීමට තරුණයන් මෙය අවස්ථාවක් කරගත් ආකාරය අපි දුටුවෙමු. බොහෝ අවස්ථාවලදී තරුණ පෙම්වතියන් ඔවුන්ගේම පෙම්වතුන්ගේ ඉලක්කයන් වී ඇත. ”, ඇය පැහැදිලි කළාය.

“ඔවුන්ගේ ආරක්ෂාවට සිදුවන මෙම නිරන්තර අවදානම මෙම තරුණ ගැහැණු ළමයින් තුළ වේදනාව, කාංසාව සහ බිය ඇති කළ ආකාරය අපි දුටුවෙමු.එම තත්ත්වය ඔවුන්ගේ පෞරුෂය, විශ්වාසය වගේම නිදහස සඳහාද බලපා තිබුණා.” ඇය වැඩිදුරටත් කියා සිටියේය.

මොණරාගල ප්‍රදේශයේ දැරියක් ඇගේ පියා විසින් ලිංගික අපයෝජනයට ලක් කර ඇති අතර තවත් සිදුවීමක් වාර්තා වූයේ ආබාධිත දැරියක් ඇගේ පියාගේ මිතුරෙකු විසින් අපයෝජනයට ලක්කිරීමේ තොරතුරුද සමඟය.

කෙසේ වෙතත්, මෙම සොයාගැනීම් පෙන්නුම් කළේ, මෙම මහා පරිමාණ ආරක්ෂණ ගැටළුවට මුහුණ දෙන්නේ කාන්තාවන් පමණක් නොවන බවයි. අධ්‍යයනය සිදු කළ එක් දිස්ත්‍රික්කයක පුද්ගලයකු අතින් ලිංගික අපයෝජනයට ලක් වූ තරුණ පිරිමි ළමයකු පිළිබඳ තොරතුරු ද තරුණ නායකයින් විසින් ඉදිරිපත් කළහ.

ශ්‍රී ලංකාව පුරා සිටින ගැහැණු ළමයින්ගේ ලිංගික අයිතිවාසිකම්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, ඩිජිටල් සන්නිවේදනය හා සම්බන්ධ ආචාර ධර්ම ඇතුළු ළමා අයිතිවාසිකම් පිළිබඳව වහාම දැනුවත් කිරීමේ අවශ්‍යතාවය සහ නීතිගරුක පුරවැසියන් වීමේ වැදගත්කම පිළිබඳව යොවුන් නායක ලහිරු පෙරේරා විසින් අවධාරණය කළේය.

“ප්‍රචණ්ඩත්වයේ අවදානමට ලක්වන ගැහැණු ළමයින් ආරක්ෂා කිරීමට රජයේ ආයතන, රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සමාජ සංවිධාන ඉදිරිපත් විය යුතු බව අපි නිර්දේශ කරමු. ගැහැණු ළමයින්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා පුළුල් ජාතික ක්‍රියාකාරී සැලැස්මක කඩිනම් අවශ්‍යතාවයක් ද පවතී. ළමයින්ගේ, විශේෂයෙන්ම ගැහැණු ළමයින්ගේ ආරක්ෂාව පිළිබඳ මෙම කතිකාව පාසල් විෂයමාලාවට ඇතුළත් කළ යුතු බව අපි තවදුරටත් විශ්වාස කරමු, එවිට මෙය දරුවන්ගේ දෛනික සංවාදයේ කොටසක් වනු ඇත. ”, ඔහු අවධාරණය කළේය.

විද්වත් සාකච්ඡාව අතරතුර පැනයකට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි. දර්ශිකා රණසිංහ සඳහන් කළේ නීතිමය ක්‍රියාදාමයන් අතරතුර, ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් ළමයින්ගේ හෝ යොවුන් වියේ දරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම නිලධාරීන් විසින් මෙතෙක් විසඳීමට අපොහොසත් වීම ප්‍රධාන ගැටලුවක් බවයි.

“ලිංගික අපයෝජනයට හෝ හිරිහැරයට ලක් වූ දරුවෙකු ඔවුන්ගේ චූදිත අපරාධකරුගෙන් වෙන් කර තැබියයුතු යැයි කීමට නීති නොමැත. වින්දිත දරුවන්ට නැවත අනාරක්ෂිත නිවෙස්වලට හෝ පරිසරයකට යාමට සිදුවීමෙන් අපට පෙනෙන්නේ නීති පද්ධතියේ පවතින මෙම බරපතල අඩුපාඩුවයි. බොහෝ අවස්ථාවලදී, ඔවුන්ගේ අපරාධකරු, ඔවුන්ගේම පියා හෝ පවුලේ සාමාජිකයෙකු වනු ඇති අතර, ඕනෑම නීතිමය ක්‍රියාමාර්ගයක් අවසන් වන තුරු ඔවුන් සමග ජීවත්වීමට සිදුවේ. ඒ සඳහා සමහර විට මාසයක් හෝ ඊට වැඩි කාලයක් ගත විය හැකිය.“

“සෑම නිවසකම පාහේ ප්‍රමාණවත් ආදායමක් උපයනු ලබන්නේ චූදිත අපරාධකරු වනපියා වන බැවින් ලැජ්ජාව නිසා හෝ මූල්‍යමය බාධාවන් නිසා, බොහෝ අවස්ථාවලදී මෙම සිදුවීම් පොලිසියට වාර්තා කිරීමට පවුල් ඉදිරිපත් වන්නේ නැත. මව්වරුන් වැඩි වශයෙන්ම තීරණය කරන්නේ පවුලේ මූල්‍ය අනාගතය වෙනුවෙන් නිහඬව සිටීමටයි”, ඇය වැඩිදුරටත් පැවසුවාය.

මේ අතර, AYEVAC නායකයින්ගේ සොයාගැනීම් මගින් ළමුන් සහ යෞවනයන් විසින් වසංගතය තුළ මත්පැන් සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය වැඩි වීම කෙරෙහි ද අවධානය යොමු විය. රට වසා දැමීමේදී සුරාසැල් වසා දැමීම බොහෝ දිස්ත්‍රික්කවල නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනයට හේතු වූ ආකාරය සහ මෙම කාලය තුළ නීති විරෝධී මත්පැන් හෝ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සහ බෙදා හැරීම යන දෙකටම වැඩිහිටියන් විසින් ළමයින් සම්බන්ධ කර ගත් ආකාරය ඔවුන් සඳහන් කරයි. මේ නිසා ළමයින් යම් යම් භයානක මාර්ගවලට නිරාවරණය විය.

විද්වත් සාකච්ඡාවේදී නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කළ තරුණ නායක රොක්ශාන්තන් මෙම අදියරේ සිය සමීක්ෂණය සිදු කිරීමේදී තමන් හට මුහුණ දීමට සිදුවූ ප්‍රධාන අභියෝග කිහිපයක් මතු කළේය.

“වැදගත්ම දෙය නම්, නීති විරෝධී මත්පැන් / මත්ද්‍රව්‍ය බෙදාහරින්නන්ගේ සහ ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ගේ විරෝධතාවලට මුලදී අපට මුහුණ දීමට සිදු වීමයි. දෙමාපියන් අප සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට පසුබට වූ අතර ළමයින්ට මෙම ප්‍රශ්න විවෘතව කතා කිරීමට අපහසු වූ ආකාරය ද අපි සොයා ගත්තෙමු”, ඔහු පැවසීය.

“අපගේ අරමුණෙහි වැදගත්කම පිළිබඳව දෙමාපියන් සහ දරුවන් නොකඩවා දැනුවත් කිරීමෙන් මෙම විරෝධතා සහ අභියෝග ජය ගැනීමට අපට හැකි විය.” රොක්ෂාන්තන් වැඩිදුරටත් පැවසීය.

මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කළ තරුණ නායිකා තනුසියා අවධාරණය කළේ රටේ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් ආරක්ෂා කර ගැනීම සඳහා නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වැදගත් අවශ්‍යතාවක් බවයි.

 “මෙම තරුණ, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය හා මත්පැන් වලට ඇබ්බැහි වූවන් ප්‍රතිසංස්කරණ හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට අමතරව, මත්ද්‍රව්‍ය හා මත්පැන් වලට එරෙහි සටන පිළිබඳව දෙමාපියන් සහ දරුවන් නිසි ලෙස දැනුවත් කිරීම වැදගත් වේ.  ශ්‍රී ලංකාව පුරා පුනරුත්ථාපන මධ්‍යස්ථානවල සහ ළමා නිවාසවල ජීවත් වන ළමුන් සඳහා වන අධ්‍යාපන ක්‍රම යාවත්කාලීන කිරීම ද අපි නිර්දේශ කරමු.“ තනුසියා නිර්දේශ කළාය.

දශකයකට පෙර දැඩි සැලකිල්ලක් දැක්වූ නමුත් වසර ගණනාවක් පුරා සිවිල් සමාජ සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන වල දැඩි මැදිහත් වීමෙන් පසුව සැලකිය යුතු ලෙස අඩු වූ ශාරීරික දඬුවම් නඩු වසංගතය අතරතුර හදිසියේ වැඩිවීම පිළිබඳව AYEVAC දසාක්ෂි දරයි. කෙසේ වෙතත් මෙම ප්‍රචණ්ඩ දඬුවම් ක්‍රම දැන් වැඩි වෙමින් පවතී.

පාසල් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සිසුන්ට ශාරීරික දඬුවම් ලබාදීමේ ක්‍රමවේදයන් අනුගමනය කළ අවස්ථා කිහිපයක් මඩකලපුව ප්‍රදේශයෙන් වාර්තා විය. මේ හේතුවෙන් දෙමාපියන් සහ පාසල් පරිපාලනය අතර වාද විවාද ඇති වූ අතර පසුව නීතිමය මැදිහත්වීම් පවා ඇති විය. ප්‍රේම සබඳතා හෝ පාසල් ලකුණු අවම වීම වැනි හේතු මත දෙමාපියන් විසින් දැඩි දඬුවම් ලබාදීම හේතුවෙන් තරුණ පිරිමි ළමුන් සියදිවි නසා ගැනීම හෝ සියදිවි නසා ගැනීමට තැත් කළ සිදුවීම් ද වාර්තා විය. සමහර පිරිමි දරුවන් හිංසාකාරී පියවරුන් නිසා තම නිවෙස් හා අධ්‍යාපනය හැර දමා ගොස් ඇත්තේ එදිනෙදා කුලී රැකියාවක් සොයා ගැනීම සඳහායි.

මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කළ යොවුන් නායකයින් වන නෝනිෂ් සහ තර්ෂණ දරුවන්ට එරෙහි මෙම ප‍්‍රචණ්ඩත්වය අවම කිරීම සඳහා වූ නිර්දේශ පිළිබඳව අවධාරණය කළහ.

“මෙවැනි දඬුවම් හේතුවෙන් දරුවන්ට ඇතිවන මානසික මෙන්ම කායික බලපෑම් පිළිබඳව දෙමාපියන් සහ ගුරුවරුන් දැනුවත් කිරීම අවශ්‍ය වන අතර රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සමාජ සංවිධාන මෙවැනි සිද්ධීන්ට එරෙහිව පියවර ගත යුතුයි. දරුවන් ධනාත්මකව ඇති දැඩි කිරීම පිළිබඳව අදාළ සියලු පාර්ශ්වයන් දැනුවත් කිරීමට ද කාලය එළඹී ඇත.“ ඔවුහු අවධාරණය කළහ.

ChildFund International Sri Lanka හි මූල්‍ය සහ තාක්ෂණික සහාය ඇතිව මෙම ක්ෂේත්‍ර ඇගයීම යෝජනා කිරීමට AYEVAC තරුණ නායකයින් පෙළඹවූයේ ඔවුන්ගේම අසල්වැසි නිවෙස්ද ඇතුළුව ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවල ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳ වාර්තා වූ සිද්ධීන් ඉහළ යාමයි.

මෙම තරුණ නායකයින්ගේ උත්සාහය උත්සවයට සහභාගි වූ අදාළ රාජ්‍ය නිලධාරීන්ගේ ඉමහත් පැසසුමට ලක් විය.

“ළමා අපයෝජන වැළැක්වීමේ යෝජිත ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී මෙම නිර්දේශ එක් කිරීමට අපි වග බලා ගන්නවා” යැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ (මනෝවිද්‍යා) ප්‍රියංගිකා රත්නායක මහත්මිය සහතික කළාය.

සහභාගීත්ව ක්‍රියා අධ්‍යයනයේ ප්‍රතිඵලයක් ලෙස තරුණයන් විසින් මෙහෙයවන ලද සහභාගීත්ව ඇගයීම අන්‍යයන්ගේ අත්දැකීම්වලට සවන් දීමෙන් සහ ඉගෙනීමෙන් දැනුම ගොඩනඟන බව ChildFund International Sri Lanka අවධාරණය කරයි. ඇගයීමට සහභාගී වූ AYEVAC නායකයින්ට ඔවුන්ගේ ගම්මාන තුළම මේ හා සමාන අභියෝගයන් සඳහා වඩාත් සුදුසු මැදිහත්වීම් සැලසුම් කර ක්‍රියාත්මක කිරීමට දැන් හැකි වනු ඇතැයි රාජ්‍ය නොවන සංවිධාන විශ්වාස කරයි.

මෙම ක්‍රියාවලියට ඔවුන්ගේ මැදිහත්වීම මෙම තරුණ නායකයින්ට සාර්ථක බලපෑමක් ඇති කිරීම සඳහා ඔවුන් තුළ ගොඩනැගුණු නායකත්ව කුසලතා අත්කර ගැනීම, මුවහත් කිරීම සහ වැඩිදියුණු කිරීම සහතික කරනු ඇති අතර, ළමයින්ට සහ යෞවනයට එරෙහි ප්‍රචණ්ඩත්වයෙන් ඔවුන්ගේම ප්‍රජාවන් ආරක්ෂා කිරීම සඳහා ඔවුන්ගේ ඉහළ මට්ටමේ විශ්වාසය සහ වැඩිදියුණු කළ දැනුම සිදුවීම් වලට මුහුණ දීම පිළිබඳව හොඳින් දන්නා ඒ සඳහා සවිබල ගැන්වූ ඊළඟ පරම්පරාවක් නිර්මාණය කිරීමට උපකාරී වේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...

අධික වැසි සමඟ කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අධික වැසි සමඟ කොළඹ, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ඛෙත්තාරාම අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා, රථවාහන තදබදයක්. ආමර් බාබර්, නවම් මාවත, බොරැල්ල අවට මාර්ග කිහිපයකත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img