Wednesday, November 11, 2026
HomeNEWSසමෘද්ධිය කරා පියවර තැබිය යුත්තේ ආත්ම විශ්වාසය එකමුතුකම සහ කැපවීම තුළිනි -ජනපති

සමෘද්ධිය කරා පියවර තැබිය යුත්තේ ආත්ම විශ්වාසය එකමුතුකම සහ කැපවීම තුළිනි -ජනපති

දැඩි උද්යෝගයකින් සහ අපේක්ෂා සහගතව ලැබුවා වූ 2022 නව වසර පිළිගනු ලබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

නව අවුරුදු උදාව වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ඒ බව පැවසීය.

ඉන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, උදාවූ නව වසර අලුත් හැඟීම් සමග සුබවාදීව සහ අධිෂ්ඨානශිලීව අනාගතය දෙස බැලීමට අපව නිතැතින්ම පොළඹවනු ලබන බවය.

අනාගත සමෘද්ධිය උදෙසා වන අධිෂ්ඨානයෙන් යුතුව ගෙවී ගිය වසර රටටත් ජන සමාජයටත් එල්ල කළ බලපෑම දෙස අප ආපසු හැරීබැලිය යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

අභියෝග හඹාගොස් ඒවා ජයග්‍රහණය කරමින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය තැබූ පියවර තවදුරටත් ඉදිරියට ගැනීමේ අවස්ථාව නව වසරේ උදාවෙන බව සිය දැඩි විශ්වාසය බවද ජනාධිපතිවරයා පවසයි.

සමෘද්ධිය කරා අපි පියවර තැබිය යුත්තේ ආත්ම විශ්වාසය, කැපවීම සහ එකමුතුකම තුළින් බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

“එළඹුණු නව වසර ජනතාවට ‘සෞභාග්‍යයේ දැක්ම’ සාක්ෂාත් කරගැනීම සඳහා කැපවන පරිවර්තනීය වසරක් බවට පත්කරන ලෙස මම ඔබ සැමට ආරාධනා කරමි.” යනුවෙන් ද ජනාධිපතිවරයා නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙයි.

මේ අතර, සියලුදෙනාගේ යහපත් බලාපොරොත්තු සහ ප්‍රාර්ථනා මල්ඵල ගැන්වෙන සුබ නව වසරක් වේවායි 2022 නව වසර උදාව වෙනුවෙන් සුබ පැතුම් එක්කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජීවිතයේ දුෂ්කර අත්දැකීම්වලින් පන්නරය ලබමින් වඩා ශක්තිමත්ව ඉදිරි අභියෝග ජයගැනීමට නව වසර උදාවේ අප සියලුදෙනා අදිටන් කරගත යුතු බවද ඉන් පෙන්වා දෙයි.

“රජයක් ලෙස අප පසුගිය වසරේ වඩා ප්‍රමුඛත්වය ලබාදුන්නේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගැනීම වෙනුවෙනි.” යනුවෙන් ද අගමැති නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ දැක්වෙයි.

ඒ අනුව අගමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එකිනෙකාට චෝදනා කිරීම වෙනුවට නිවැරදි දේ තෝරා බේරාගෙන ඒ සඳහා ක්‍රියාත්මකවීමෙන් දැනට පවතින බොහෝ ගැටලු ජයග්‍රහණයෙන් කෙළවර කළ හැකි බවය.

මේ අතර, අධිෂ්ඨානශීලී නව වසරකට සමස්ත ජනතාවටම සුබ පැතුම් එක්කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 2022 නව වසරට ආසිරි එක්කරමින් පවසයි.

ඔහු පෙන්වා ද‍ෙන්නේ, ජයග්‍රහණවලට වඩා රටක් ලෙස, පරාජයන් මෙන්ම අහිමිවීම් සහ වේදනාවන් රැසක් අත්විඳි වසරක් නිමාවී නව වසරක් උදා වන බවය.

හෘද සාක්ෂියට එකඟව හෘදයාංගම සුබපැතුමක් පතනවා හැරුණුකොට මේ මොහොතේත් පීඩාව සහ දුක් දොම්නස් අත්විඳිමින් සිටින ශ්‍රී ලාංකේය ජනතාවට ව්‍යාජ සුරංගනා ලෝකයක් පිළිබඳව හිස් ප්‍රාර්ථනාවන් කිරීමම රටේ ජනතාවට කරනු ලබන නිගාවක් යැයි ද විපක්ෂ නායකවරයා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ දැඩිදුරටත් දැක්වෙන්නේ,

“රටේ පුරවැසි පරම්පරාවේ නාමයෙන් අපි නැවත ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ මේ ජාතික ව්‍යසනකාරී මොහොතේ පටු බල උන්මාදය වෙනුවට නිරහංකාර ජනතාවාදී වැඩපිළිවෙලකට අවතීර්ණ වන ලෙසය,” යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...

අධික වැසි සමඟ කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අධික වැසි සමඟ කොළඹ, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ඛෙත්තාරාම අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා, රථවාහන තදබදයක්. ආමර් බාබර්, නවම් මාවත, බොරැල්ල අවට මාර්ග කිහිපයකත්...

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනමද? විපක්ෂ නායක සජිත්

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනිමද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන රජය තුළින් රටේ ලක්ෂ 220 ජනතාවට සිදුවන හානිය, ජීවත්...

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img