Friday, June 12, 2026
HomeNEWSවිදුලිය විසන්ධිකිරීම් ගැන නවතම නිවේදනයක්

විදුලිය විසන්ධිකිරීම් ගැන නවතම නිවේදනයක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයක මේ වනවිට විදුලිය විසන්ධි වී තිබේ.

මේ අතර විදුලිබල මණ්ඩලය පවසන්නේ කැලණිතිස්ස බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රවලින් සැපයුම තවමත් යථා තත්ත්වයට පත්කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් විදුලිය විසන්ධිවීමට ඉඩ ඇති බවය.

ඒ අනුව අවශ්‍යතාව පරිදි පස්වරු 6.00 සිට රාත්‍රී 7.45 දක්වාත් රාත්‍රී 7.45 සිට රාත්‍රී 9.30 දක්වාත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක එලෙස විදුලිය විසන්ධි විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම්දෙයි.

මේ තත්ත්වය යටතේ කැලණිතිස්ස බලාගාරය සක්‍රිය කරගන්නා තුරු පැයයි විනාඩි 45ක පමණ කාලයක් අද (19) විදුලිය විසන්ධි කෙරෙන බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පැවසීය.

එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ මෙම විදුලි කප්පාදුව අද පස්වරු 2.30 සිට ක්‍රියාත්මක වූ අතර එය අද රාත්‍රී 9.30 දක්වාම කාණ්ඩ හතරක් යටතේ සිදුකෙරෙන බවය.

විදුලි අර්බුදය මැද විසන්ධි කිරීම් කාලය දීර්ඝ විය හැකි බවද ඔවුන් අනතුරු ඇඟවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...

රුපියල පහළට.. අමෙරිකානු ඩොලරය 340 ට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් එහි විකුණුම් මිල අද (04) රු. 340.25 ක් ලෙස සටහන් වෙයි; ඊයේ (03) එය රු. 337.97 ක්...

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img