Sunday, November 8, 2026
HomeNEWSබිරිඳට විහිලුකළ නිවේදකයාට ජනප්‍රිය නළුවාගෙන් කනේ පහරක්

බිරිඳට විහිලුකළ නිවේදකයාට ජනප්‍රිය නළුවාගෙන් කනේ පහරක්

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම නළුවා සම්මානය ජනප්‍රිය නළු විල් ස්මිත් ට හිමිවිය.

නමුත් මෙවර සම්මාන උළෙලේදී කිසිවෙක් බලාපොරොත්තු නොවූ දෙයක් සිදුවිණි.

ඒ ස්මිත් විසින් සම්මාන උළෙලේ නිවේදන කටයුතු සිදුකළ ක්‍රිස් රොක් හට පහරදීම හේතුවෙනි.

ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවේ රොක් විසින් ස්මිත් ගේ බිරිඳ වන ජාඩා පින්කට් ස්මිත් ට කළ විහිලුවක් හේතුවෙන් එම පහරදීම සිදුකර ඇති බවය.

ඇය මේ වනවිට හිසකෙස් හැලීමේ රෝගයකින් පීඩා විඳින අතර නිවේදකයා ඒ සම්බන්ධයෙන් විවිධ දේ පැවසීම විල් ස්මිත් ගේ ඉවසීමේ සීමාව ඉක්මවා යන්නට ඇතැයි සඳහන් විය.

රොක් කථාකරමින් සිටින අතර එකවරම වේදිකාවට යන විල් ස්මිත් රොක් ගේ කනට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝව මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ.

නැවත තම ආසනය වෙත පැමිණෙමින් ස්මිත් පවසා ඇත්තේ “මගේ බිරිඳගේ නම තමුසෙගෙ කටින් ඈත් කරනවා,” යනුවෙනි.

එම සිදුවීම සම්බන්ධයෙන් ස්මිත් පසුව සමාව ඉල්ලීය.

එම සිද්ධියේ වීඩියෝ ව පහතින්…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මන්නාරම – මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ

මන්නාරම - මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ. ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ගරු බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08)...

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළට

දේශීය සහ ආනයනික සිමෙන්ති කොට්ටයක මිල (50kg) රු.100 කින් ඉහළට: සිමෙන්ති සමාගම්.

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img