Sunday, November 8, 2026
HomeNEWSගරු අගමැතිතුමාගේ උපදෙසින් ක්‍රියාත්මක ගාල්ල නගර සංවර්ධන කටයුතු අවසන් අදියරේ.

ගරු අගමැතිතුමාගේ උපදෙසින් ක්‍රියාත්මක ගාල්ල නගර සංවර්ධන කටයුතු අවසන් අදියරේ.

   ගරු අගමැතිතුමාගේ උපදෙසින් ක්‍රියාත්මක ගාල්ල නගර සංවර්ධන කටයුතු අවසන් අදියරේ.

       ගාල්ල නගරයේ සිට සුන්දර පරිසරයක අසිරිය දෙස්, විදෙස් සංචාරකයින්ට අත්විදීම සඳහා නව නැරඹුම් ස්ථාන 02 ක්.

ස්වභාවික පැවැත්මල සංස්කෘතිය සහ පරිසර තත්ත්වයන් ආරක්ෂා කරමින්, හරිත අවකාශයන්ට ප්‍රමාණවත් තරමට ඉඩ සලසමින් ගාල්ල නගර සංවර්ධන සැලැසුම ක්‍රියාත්මක කරන ලෙසට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ලබාදුන් උපදෙස් අනුව යෝජිත සංවර්ධන කටයුතු නොබෝ දිනකින් අවසන් වන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

නාගරික සැලසුම්කරණයේ දී හරිත අවකාශයට ප්‍රධාන තැනක් ලබා දෙමින් ක්‍රියාත්මක කෙරෙන නගර සංවර්ධන ව්‍යාපෘති සියල්ල නාගරික සංවර්ධන හා නිවාස විෂය භාර අමාත්‍යවරයා ලෙස ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන සැලසුම්වලට තිරසාර සංවර්ධන ක්‍රියාවලිය සම්බන්ධ කරමින් ක්‍රියාත්මක කෙරේ.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය මත පදනම්ව ගාල්ල නගර සංවර්ධන ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සිදුකරනු ලබයි.

ඒ යටතේ, ගාල්ල සාගර මාර්ගය අදියර දෙකකින් සංවර්ධනය කෙරේ. එහි පළමු අදියර සාගරයට සමීප කොටුපවුර අසලින් ඇරඹි මහජන පොළ අසලින් අවසන් වෙයි. දෙවැනි අදියර මහජන පොළ අසලින් ඇරඹී ධිවර වරාය නිතිගත සංස්ථා නාවික අනුඛණ්ඩය අසලින් අවසන් වෙයි.

මෙම සාගර මාර්ග මංතීරුව නව නැරඹුම් ස්ථාන දෙකකින් සමන්විත වෙයි. මෙම නැරඹුම් ස්ථාන දෙක විශේෂ ගුණයකින් ද සමන්විතයි. ඒ නැරඹුම් ස්ථාන දෙක තුළ සිට නැරඹීමේ දී එකිනෙකට වෙනස් පරිසර තත්වයන් දෙකක් දැක බලා ගැනීමට දෙස්, විදෙස් සංචාරකයින්ට හැකිවීම විශේෂත්වයකි.

ගාල්ල නගරයෙහි දැනට අවසන් අදියරෙහි සිදුකෙරෙන සංවර්ධන කටයුතු දකුණු පළාත් ආණ්ඩුකාර, ආචාර්ය විලී ගමගේ මහතාගේ නිරීක්ෂණයට පසුගිය දා ලක්විය. ගාල්ල නගරාධිපති ප්‍රියන්ත ජී. සහබන්දු, නාගරික සංවර්ධන අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් අධ්‍යක්ෂ අනුර මැදවල, නාගරික සංවර්ධන අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ (උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතියේ) කැළුම් සිරිවර්ධන, නාගරික සංවර්ධන අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයේ ගෘහ නිර්මාණ සැලසුම් ශිල්පීනි ද්‍රෞපදී දහනායක, ගාලු උරුමය පදනමේ සභාපති පරාක්‍රම දහනායක, ගාලු උරුමය පදනමේ ව්‍යාපෘති නිලධාරී තරංග ලියනාරච්චි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කළාප නිලධාරි සාරංග වරුෂවිතාන යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ගාලු කොටුවට සමීප නැරඹුම් ස්ථානයට ඍජුවම දර්ශනය කරනුයේ රූමස්සල කඳු වැටියයි. ඒ හා සමඟම රූමස්සල කඳු වැටිය පහළ ගල්පරවලින් ගහන මුහුද දර්ශනය වෙයි. වඩාත් සියුම්ව නිරීක්ෂණය කිරීමේ දී රූමස්සල කඳු වැටියේ පිහිටි ජපන් සාම චෛත්‍යය ද දැක ගැනීමට හැකියාව ලැබෙයි. මෙහිදී හරිත පැහැයෙන් දිස්වන පරිසරයක් දැකගැනීමට අවස්ථාව හිමිවෙයි.

ගාල්ල නාවික අනුඛණ්ඩයට සමීප නැරඹුම් කුටියේ සිට නැරඹීමේ දී වෙනස් වූ පරිසරයක් දක්නට ලැබේ. එහිදී එක්වරම නෙතට දර්ශනය වන්නේ නගර මධ්‍යයේ යෝධයෙකු මෙන් නැගී සිටින ගාලුකොටුවයි. ඒ සමගම පරක් තෙරක් නොපෙනෙන මහ මුහුද වේගවත් රැළි නගමින් දර්ශනය වනු පෙනෙයි. ගාලු මහජන ක්‍රිඩාපිටියට ඉදිරිපසින් ගාල්ල නගර මධ්‍යය ද දැකිය හැකියි.

මෙම නැරඹුම් ස්ථාන දෙකෙහි දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණය වනුයේ ගාල්ල නගරයේ දෙකෙළවර සිට වෙනස් වන කෝණ දෙකකින් පරිසරය දැකීමට අවස්ථාව හිමිවීමයි.

මෙම කොටස් දෙකට අදාළව සාගර මාර්ගයේ මංතීරුව හෙවත් ධාවන පථය ඉදිකිරීම පළමුව සිදු කෙරේ. එයට සමඟාමීව ගාල්ල සමුද්‍රය අසලම ඉදිකෙරෙන විනෝදාස්වාදය සහ විවේකය සඳහා බිම් කඩක් ද සකස් කෙරෙමින් පවතියි.

ඒ අනුව මෙතෙක් පැවැති අවිධිමත් ක්‍රීඩා ක්‍රියාකාරකම් මෙන්ම විනෝදාස්වාද ක්‍රියාකාරකම් විධිමත් කිරීම, වෙරළට සමඟාමීව ඉදිවන පදික තීරයේ ගමන් කරන්නන්ගේ සංඛ්‍යාව වර්ධනය කිරීම, ඔවුන්ට අදාළ සේවාවන් සහ පහසුකම් වැඩිදියුණු කිරීම මඟින් ජන අවශ්‍යතාවන් සපුරාලීම, නව යටිතල පහසුකම් ඇති කිරීම, වෙරළ තීරයේ දක්නට ලැබෙන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සහ සමාජීය හා ආර්ථික අවස්ථා වැඩිදියුණු කිරීම අපේක්ෂා කෙරේ.

ගාල්ල සාගර මාර්ග දෙකෙහි දැනට පවතින පදික සහ විවේකී බිම් තීරුව අවිධිමත් බවක් පෙන්නුම් කෙරේ. එම අවිධිමත් බව වෙනුවට ජනතාවට නිදහසේ අවට පරිසරය අත්විඳීමට හැකිවන ලෙස එම ප්‍රදේශ සකස් කිරීමට සැලසුම් කර ඇත.

නාගරික පරිසරයන්හි විවෘත අවකාශයන් බොහෝ වාසි සහගත අවස්ථාවන් නිර්මාණය කරයි. විවෘත අවකාශයන් හරිත අවකාශයට හැරවීම තුළින් කලබලකාරී තත්වයන් සමනය කරගත හැකි බවට ද විශ්වාස කෙරේ. ඒ ස්වාභාවික පරිසර තත්ත්වයන් ආරක්ෂා කරගනිමින්, සංස්කෘතික වටිනාකම්වලට නිසි තැනක් ලබාදීම මඟින් බවට වන පිළිගැනීම යටතේය.

මෙම සාගර මාර්ග කොටස් දෙකෙහි සියලු සංවර්ධන සැලසුම් සකසා ඇත්තේ එම අදහස් ඉටුකර ගැනීමේ බලාපොරොත්තුවෙන්ය.

මෙම සාගර මාර්ග කොටස් දෙකෙහි සංවර්ධන ව්‍යාපෘති ඉදිකිරීම්වල එක් කොටසක් සඳහා වැයකෙරෙන මුදල  රුපියල් මිලියන 198 කි. දින 450 කින් මෙහි වැඩ කටයුතු නිම කිරීමට සැලසුම් කර ඇත.

දෙවන කොටස සඳහා වැයවන මුදල රුපියල් මිලියන 147 ක් වන අතර එය ද දින 450 කින් වැඩ නිම කළ යුතුව තිබේ.

මෙම ව්‍යාපෘති දෙකෙහිම හිමිකරු වනුයේ ගාල්ල මහනගර සභාවයි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් මෙම සංවර්ධන කටයුතු සිදුකෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මන්නාරම – මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ

මන්නාරම - මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ. ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ගරු බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08)...

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළට

දේශීය සහ ආනයනික සිමෙන්ති කොට්ටයක මිල (50kg) රු.100 කින් ඉහළට: සිමෙන්ති සමාගම්.

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img